බස් රථයක් කණුවක හැපී කොන්දොස්තරට තුවාල කොළඹ සිට මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (13) පෙරවරුවේ කොස්ගොඩ දූවමෝදරදි විදුලි කණුවක හැපී දුම්රිය මාර්ගයට ඇදී ගොස් අනතුරට පත්විය. 13 July 2019
කුරුණෑගලට උග්‍ර ජල හිඟයක් දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති. 13 July 2019
බඹර ප්‍රහාරයකින් 5ක් රෝහලේ පස්සර පිටමාරුව රෝබේරිය වතුයායේ පිහිටි කුඩා ලෝකාන්තය නැරඹීමට පැමිණි පිරිසකට අද (13) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූ නවදෙනෙකු අතරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි. 13 July 2019
කැකිරාවේ ළිඳක තිබී අත්බෝම්බයක් හමුවෙයි කැකිරාව කයිලපොතාන සුදර්ශනගම ප්‍රදේශයේ වගාබිමක තිබූ අතහැර දැමූ ළිඳක තිබී අද (12) අත්බෝම්බයක් හමුවී තිබේ. 12 July 2019
බඳුන්ගතව ගංජා වගාවක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට සිය ගෙවත්තට යාබද කැලෑවක ගංජාවගාවක් පවත්වගෙන ගිය සැකකරුවෙක් කැකිරාව පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. 12 July 2019
ගිං පොල් රකින්න වනජීවී දෙපාර්තමේන්තුවෙන් වෑයමක් වෙන්නප්පුව ගිං ඔය දෙපස පිහිටි ගිං පොල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් අරම්භ කර ඇත. 12 July 2019
රිය අනතුරකින් පසු ගුටිබැට හුවමාරු කරගත් දෙදෙනෙක් අත්අඩංගුවට වාද්දුව තල්පිටිය මැද පාර රණවිරු මාවතේ සිදුවූ රිය අනතුරකින් පසු ගුටිබැට හුවමාරු කරගත් පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 12 July 2019
දියර කිරි ලීටරයක මිල ඉහළ දමන බව කෘෂිකර්ම ඇමති කියයි ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට තමන් කටයුතු කරන බවත් දැනට පවතින මිල පිළිබඳ සැහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (12) පැවැසීය. 12 July 2019
දුම්රියක ගැටී යතුරුපැදිකරුවෙක් මරුට ජාඇල තුඩැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අනාරක්ෂිත හරස් මාර්ගයේ දී අද (12) දහවල් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය පවසයි. 12 July 2019
වැවිලි කර්මාන්ත ඇමැති ඇමෙරිකා තානාපති අතර හමුවක් ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකාව තුළ තිබෙන තත්ත්වය සහ තේ කර්මාන්තයේ අපනයන තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (12) පැවැත්විණි. 12 July 2019
සීයාගේ විශ්‍රාම වැටුප කොල්ල කෑ මුනුපුරා අත්අඩංගුවට හෙරොයින් පානය කිරිම සඳහා තම 87 හැවිරිදි සීයාගේ විශ්‍රාම වැටුප කොල්ලකන ලද මුණුපුරෙකු කොල්ලකන ලද මුදලින් කොටසක් ද සමඟ අද (12) අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය පවසයි. 12 July 2019
හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 19 ක දඩයක් විසි වසරකට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ගත් බවට වරඳ පිළිගත් ජාඇල , පමුණුගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂ 19 ක දඩ මුදලක් ගෙවීමට නියම කළ බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි. 12 July 2019
ආරක්ෂක නිලධාරියාට පහර දුන් ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට මිහින්තලේ පුජා භුමියේ පිහිටි කළුදිය පොකුණේ මනාල යුවළක් හිඳුවා ඡායාරූප නොගන්නා ලෙසට ඉල්ලා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් ඡායාරූප ශිල්පියා අද (12) අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 12 July 2019
දැරියක අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට පස් හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු අද(12) මාමිනියාවේදී අත් අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි. 12 July 2019
මාතලේ කසළවලින් පොහොර නිපදවීමට උපදෙස් මාතලේ නගරයෙන් බැහැර කරන කුණු කසළ යොදාගනිමින් පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. 12 July 2019
මාලු ලොරියක හැපී කාන්තාවක් මරුට මහජන ආධාර ලබා ගැනීම සඳහා බූස්ස තැපැල් කාර්යාලය වෙත යමින් සිටි කාන්තාවක අද (12) පෙරවරුවේ ලොරියක හැපී මිය ගිය බව පොලිසිය පවසයි. 12 July 2019
බෝට්ටු දෙකක් අතර සිර වී ධීවරයෙක් මරුට මුහුදේ මසුන් අල්ලමින් සිටි ධීවරයෙකු බෝට්ටු දෙකක් මැද සිරවීමෙන් වූ අනතුරකින් මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 12 July 2019
ඉඩම් පනත සභාවට යොමු නොකිරීම ගැන ඌව මහ ඇමැතිගේ විරෝධය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඉඩම් පනත පිළිබඳව ඌව පළාත් සභාවේ අදහස් විමසීම පිණිස එය ඌව පළාත් සභාව වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (11) සිය විරෝධතාවය පළ කළේය. 11 July 2019
‘ජලය නොදී ඡන්ද ඉල්ලාගෙන ගමට එන්න එපා’ පානීය ජල හිඟයකට මුහුණ දී සිටින හාරිස්පත්තුවේ බෝගහකන්ද ඇතුළු ගම්මාන පහක ගම්වාසීහු තමන්ට ජලය නොදී කිසිදු මැතිවරණයක් සඳහා ඡන්දය ඉල්ලීමට සිය ගම්මානවලට නොඑන්නැයි අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිති. 11 July 2019
කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා වෙරළෙන් ඉවත් කිරීමට පියවර දිවයිනේ වෙරළ වටා ඇති කැඩී බිඳී ගිය බහුදින යාත්‍රා මේ වසර නිමවීමට පෙර වෙරළ තීරයෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අදාළ අංශවලට අද (11) උපදෙස් දී තිබේ. 11 July 2019
වැලිකඩ බන්ධනාගාර රෝහල කුඩු පුරයක් වැලිකඩ බන්ධනාගාරයේ රෝහල කුඩු පුරයක් හා ජංගම දුරකතන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි. 11 July 2019
ජල සැපයුම විසන්ධි කළ නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කළ ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකුට පහර දුන් බව කියන තරුණයකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පවසති. 11 July 2019
ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර මුදල් වංචා කළ 3ක් අල්ලයි හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම්හලකින් බැංකු ණයපත්(ක්‍රෙඩිට්කාඩ්) දෙකක් සොරකම් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචනික ලෙස ලබාගත් තරුණයකු හා එයට අනුබල දුන් පිරවුම්හලේ සේවකයන් දෙදෙනෙකු අද (11)අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 11 July 2019
සෙල්ලකතරගමදී ගිනි අවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට සෙල්ලකතරගම ගෝතමීගම ඩෝසර් වැව අසළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය පවසයි. 11 July 2019
බණ්ඩාරගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් මහතා ජූලි 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(11) නියෝග කළේය. 11 July 2019
රජයේ ඉහළ නිලධාරීන් රවටා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු විවිධ ක්ෂේත්රවල පුද්ගලයින් රවටා රුපියල් පන් කෝටියකට අධික මුදලක් වංචා කරන ලද පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 11 July 2019
උළු ගලවා නිවසට ඇතුළු වී මුදල් කොල්ල කා පලා යයි කලුන්දැගම මරණාධාර සමිතියක නිලධාරිනියකගේ නිවසේ වහලයේ උළු ගලවා නිවසට ඇතුළුවී 130,000 ක් අද (11) සොරා ගෙන ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 11 July 2019
පුරාවිද්‍යා නිලධාරියකුගේ නිවසට ගල් ගැසූ මුරකරුවන් අත්අඩංගුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුරකරුවන්ගේ අධීක්ෂණ නිලධාරියාගේ නිවසට සහ මෝටර් රථයට ගල් ගසා අලාභ හානි කළ මුරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 11 July 2019
කළුතර ඇළ ඉවුරකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී කළුතර උතුර දෙදියවල සල්ගස් වත්ත මාවතේ ඇළඉවුර අසල තිබී අද (11) ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව කළුතර උතුර පොලිසිය කියයි. 11 July 2019
බන්ධනාගාරයේ සියලු සංගම් අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන සියලුම සංගම් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වාර්තාවේ. 11 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025