IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වැලිකඩ බන්ධනාගාර රෝහල කුඩු පුරයක්

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරයේ රෝහල කුඩු පුරයක් හා ජංගම දුරකතන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි බන්ධනාගාර බුද්ධි අංශයේ වැටලීම් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටද චෝදනා ඇතැයි පැවැසේ.

සිරකරුවන් පමණක් නොව නිලධාරීන් මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් පවා බන්ධනාගාර රෝහල තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ සපයන බවටද ආරංචි පැතිර යමින් ඇති බවටද වාර්තාවේ.

ඉකුත් දා වෛද්‍යවරයෙකු රෝහළ තුළට මත්පැන් බෝතලයක් රැගෙනවිත් ඇති බවටද චෝදනා එල්ල වී තිබිණි.

රෝහල තුළ නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ අලෙවිය ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිලද විශාල ලෙස අඩුවී ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අනුව ජංගම දුරකතනයක් රුපියල් 50,000 සිට රුපියල් 35,000 දක්වාත්, දුම්කොලයක් රුපියල් 5,000 සිට 3,000 දක්වාත්, කුඩු පැකට්ටුවක් රුපියල් 500 සිට රුපියල් 100 දක්වාත් අඩුවී ඇතැයිද පැවැසේ.

මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ බුද්ධි අංශ විසින් වැටලීම් කර අදාළ නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ අත් අඩංගුවට ගත් නමුත් ඇතැම් නිලධාරීන් හා ඇතැම් වෛද්‍යවරුන්  මෙම ද්‍රව්‍ය ඇතුළට රැගෙන එන බවට චෝදනා පවතින බවත් කොපමණ වැටලීම් කළද මෙම තත්ත්වය මැඩ පැවැත්වීය නොහැකි වී ඇති බවත්ය.



අදහස් (1)

වැලිකඩ බන්ධනාගාර රෝහල කුඩු පුරයක්

janathawa Thursday, 11 July 2019 03:52 PM

කාවද දැන් එල්ලන්න වෙන්නේ. අලුතින් ගස් කීපයක් හිටවන්න වේවි ඔය යන හැටියට.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32369 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site