(කුෂාන් ජයවර්ධන)
කැකිරාව කයිලපොතාන සුදර්ශනගම ප‍්‍රදේශයේ වගාබිමක තිබූ අතහැර දැමූ ළිඳක තිබී අද (12) අත්බෝම්බයක් හමුවී තිබේ.
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ප‍්‍රදේශයේ අතහැර දැමූ ළිඳක් යළි භාවිතයට ගැනීම සඳහා ප‍්‍රදේශවාසීන් පිරිසක් එක්ව එම ළිඳ පිරිසිදු කිරීමට කටයුතු කර තිබේ.
පිරිසිදු කිරීමේ කටයුතු අතරතුරදී ළිඳෙන් ඉවත් කළ මඩ ගොඩක තිබී මෙම අත්අබෝම්බය හමුව ඇති බව පොලිසිය කියයි.
අදාළ අත්බෝම්බය විදේශරටක නිෂ්පාදිත එකක් බවත් එය පරණ එකක් නොවන ජීව තත්ත්වයේ ඇති බවත් පොලිසිය පැවැසීය.
පොලිසියට හමුව ඇති එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව නිශ්ක‍්‍රීය කිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැකිරාවේ ළිඳක තිබී අත්බෝම්බයක් හමුවෙයි