(කුෂාන් ජයවර්ධන)
සිය ගෙවත්තට යාබද කැලෑවක ගංජාවගාවක් පවත්වගෙන ගිය සැකකරුවෙක් කැකිරාව පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමකදී සැකකරු හා ගංජා වගාව සොයා ගැනීමට හැකිව තිබේ.
ගංජා වගාව සම්බන්ධයෙන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව මඩාටුගම රාමදගල ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙම ගංජා වගාව බඳුන්ගත වගාවක් ලෙස පවත්වාගෙන ගොස් තිබීම ද විශේෂත්වයකි.
සැකකරු සිය ගෙවත්ත පසුපස කැලෑබද කොටසක ඉතා රහසිගත ලෙස මෙම බඳුන්ගත ගංජා වගාව සිදුකර තිබේ. අවශ්‍ය ඕනෑම මොහොතක එම වගාව වෙනත් ස්ථානයකට මාරු කර ගැනීමේ අරමුණින් සැකකරු මෙම ගංජා වගාව බඳුන්ගත වගාවක් ලෙස පවත්වාගෙන යන්නට ඇතැයි පොලිසිය කියයි.
සැකකරු එලෙස වගා කර තිබූ ගංජා ගස් 13 ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අදාළ ගංජා පැළ තොගයද සමඟ හෙට (13) කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd