(කුෂාන් ජයවර්ධන)
සිය ගෙවත්තට යාබද කැලෑවක ගංජාවගාවක් පවත්වගෙන ගිය සැකකරුවෙක් කැකිරාව පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමකදී සැකකරු හා ගංජා වගාව සොයා ගැනීමට හැකිව තිබේ.
ගංජා වගාව සම්බන්ධයෙන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව මඩාටුගම රාමදගල ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙම ගංජා වගාව බඳුන්ගත වගාවක් ලෙස පවත්වාගෙන ගොස් තිබීම ද විශේෂත්වයකි.
සැකකරු සිය ගෙවත්ත පසුපස කැලෑබද කොටසක ඉතා රහසිගත ලෙස මෙම බඳුන්ගත ගංජා වගාව සිදුකර තිබේ. අවශ්‍ය ඕනෑම මොහොතක එම වගාව වෙනත් ස්ථානයකට මාරු කර ගැනීමේ අරමුණින් සැකකරු මෙම ගංජා වගාව බඳුන්ගත වගාවක් ලෙස පවත්වාගෙන යන්නට ඇතැයි පොලිසිය කියයි.
සැකකරු එලෙස වගා කර තිබූ ගංජා ගස් 13 ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අදාළ ගංජා පැළ තොගයද සමඟ හෙට (13) කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඳුන්ගතව ගංජා වගාවක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට