(ජයන්ත සමරකෝන් )
විසි වසරකට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ගත් බවට වරඳ පිළිගත් ජාඇල , පමුණුගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂ 19 ක දඩ මුදලක් ගෙවීමට නියම කළ බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.
රුපියල් 1 46,000 ජල බිල් පතක් නොගෙවීම සම්බන්ධයෙන් මෙම සංචාරක හෝටලයේ ජල සම්බන්ධතාවය විසන්ධි කර වසර ගණනාවක සිටම එහි හිමිකරු ළිඳකින් ජලය ලබා ගන්නා මුවාවෙන් මණ්ඩලයේ නිලධාරීන් නොමග යවා ඇතැයිද කියයි.
විසන්ධි කරණ ලද ජල සම්බන්ධතාවයට පිටතින් මීටරයට හසු නොවන අයුරින් අමතර ජල සම්පාදන වයරයක් යොදාගනිමින් දිගින් දිගටම මෙම ජලය ලබා ගැනීම සිදු කර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
මෙම සංචාරක හෝටලය පිහිනුම් තටාකයක් ඇතුළු කාමර ගණනාවකින් සමන්විත අක්කර 3 ක පමණ භූමියකින් යුක්ත බවද පැවසේ.
කොළඹ අනවසර ජල වැටලීම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 19 ක දඩයක්