(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ පුජා භුමියේ පිහිටි කළුදිය පොකුණේ මනාල යුවළක් හිඳුවා ඡායාරූප නොගන්නා ලෙසට ඉල්ලා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් ඡායාරූප ශිල්පියා අද (12) අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර පදිංචි (34) හැවිරිදි ඡායාරූප ශිල්පියෙකි.
සැකකාර ඡායාරූප ශිල්පියා මනාල යුවළක් සමඟ මිහින්තලා පුදබිමේ කළුදිය පොකුණ අසළට පැමිණ මනාල යුවළ විවිධ අයුරින් හිඳුවා ඡායාරූප ගැනීම ආරම්භ කළ අවස්ථාවේ, ඡායාරූප නොගන්නා ලෙසට එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියා පවසා තිබේ.
මෙහිදි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියාත් ඡායාරූප ශීල්පියාත් අතර ඇතිවු බහින් බස්වීම දුරදිග ගොස් ඡායාරූප ශිල්පියා විසින් ආරක්ෂක නිලධාරියාට පහර දෙන ලදී.
තුවාල ලැබු ඩබ්.එම්.බී.රාජකරුණා (31) නැමති ආරක්ෂක නිලධාරියා මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
අත්අඩංගුවට ගත් ඡායාරූප ශීල්පියා හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක නිලධාරියාට පහර දුන් ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට
ලුම්බිණි Friday, 12 July 2019 09:04 AM
කළුදිය පොකුණේ ඡායාරූප ගැනීම තහනම්ද? නැත්නම් මනාල යුවළක් නිසා තහනම්ද?