(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් මහතා ජූලි 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(11) නියෝග කළේය.
මෙසේ නියෝග කරනු ලැබූයේ බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ කාන්තාවකට පුද්ගලයින් කිහිපදෙනෙකු හිරිහැර කළ බව කියන සිද්ධියක සාක්කිකරුවන්ට තර්ජනය කළේය යන සිද්ධියක් සම්බන්ධයෙනි.
ජූලි 04 වැනි දින මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරගම පොලිසියට නියෝග කළේය.
මීට දින කිහිපයකට ඉහතදී බණ්ඩාරගම පොලිසියට බාර වූ මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු අද(11) අධිකරණයට පැමිණියේය.
පැමිණිලිකාර කාන්තාවට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් හයදෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ අරුණ දීපාල් මහතා පෙනී සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බණ්ඩාරගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්