IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වැවිලි කර්මාන්ත ඇමැති ඇමෙරිකා තානාපති අතර හමුවක්

(මනෝජ් හර්ෂික)

ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකාව තුළ තිබෙන තත්ත්වය සහ තේ කර්මාන්තයේ අපනයන තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (12) පැවැත්විණි. 

බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර), 11 වන මහල පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව සිදු විය.

ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකානු වෙළඳපල තුළ ඇති ඉඩකඩ පිළිබඳව සහ තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් පිළිබඳව ද අමාත්‍යවරයා සහ තනාපතිනිය අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ  ඊ ලෑන්ඩ් රෙජිස්ටේෂන් වැඩසටහනට හා මාර්ග සංවර්ධනය ආදී යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට පස් අවුරුදු ව්‍යාපෘතියකට ප්‍රදානයක් ලෙස මුල්‍ය පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බව ද තානාපතිනිය ප්‍රකාශ කළ අතර එහිදී නුවරඑළිය, මාතලේ හා ඌව පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැඩි වශයෙන් මුල්‍යාධාර ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා තනාපතිනියගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කළ අතර ලංකාවේ මාර්ගවල ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියකට අරමුදල් ලබා දීමට  ද බලාපොරොත්තු වන බව ද ඇයි ප්‍රකාශ කළාය.



අදහස් (1)

වැවිලි කර්මාන්ත ඇමැති ඇමෙරිකා තානාපති අතර හමුවක්

විජිත් Sunday, 14 July 2019 05:21 AM

මේ මෝඩයින්ට මේකි නාස් ලණුව දානවා. මුන් ඒක කැමැත්තෙන්ම දමාගන්නවා. ලැජ්ජයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32370 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site