IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙල්ලකතරගමදී ගිනි අවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)
 
සෙල්ලකතරගම ගෝතමීගම ඩෝසර් වැව අසළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ලකතරගම සහ ගෝතමීගම යන ප්‍රදේශවල පදිංචි 35 හා 38 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
 
සෙල්ලකතරගම ගෝතමීගම ඩෝසර් වැව අසළ සැකකටයුතු ලෙස පුද්ගලයන් දෙදෙනෙකු සිටින බවට ප්‍රදේශවාසීන් තංගල්ල කොට්ඨාසබාර පොලිස් අධිකාරීවරයාට ලබා දුන් තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී දඩයමේ යාම සඳහා ගිනි අවි රැගෙන ආ බව අනාවරණය වී ඇත. ඩෝසර් වැව අසළ කැළයක සඟවා තිබූ  එම ගිනි අවි පොලිසිය බාරයට ගෙන ඇති බව පොලිසිය කියයි.
 
සැකකරුවන් දෙදෙනා සහ ගිනි අවි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලීසියට බාරදී තිබේ.
 
සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සෙල්ලකතරගමදී ගිනි අවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site