(මනෝජ් හර්ෂික)
ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට තමන් කටයුතු කරන බවත් දැනට පවතින මිල පිළිබඳ සැහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (12) පැවැසීය.
අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පැවති කිරි ගොවීන් දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.
තමා ඇමතිවරයාව සිටියදී දෙවතාවක් කිරි මිල ඉහළ දැමූ බවත් දැනට කිරි ලීටරයක් සඳහා පවතින මිල වර්තමානයේ කිරි ගොවීන් මුහුණපාන ආර්ථික ගැටලු පදනම් කරගෙන හා කිරි එලදෙනුන් සඳහා ලබා දෙන පෝෂ්‍යදායී සංඝටක,බෙහෙත් ද්‍රව්‍යවල මිල පදනම් කරගෙන කිරි මිල ඉහළ දැමිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී කීය.
එසේම ලංකාවේ පලමුවරට කිරි ගොවි ගැටලු විසදීමේ 6162 "සවිය "ලෙස ක්ෂණික දුරකථන ඇමතුම් ලෙස සේවයක් ද ආරම්භ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දියර කිරි භාවිතා කරලා නිපදවන යෝගට්, මුදවපු කිරි, චීස් ඇතුළු නිෂ්පාදනවල මිල ඉහල ගියාම ආනයනිත චීස් හා කිරිපිටි ආදේශක භාවිතයෙන් නිපදවන භාණ්ඩ ලාභ වෙනවා. එතකොට කාටද වාසිය?