IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා වෙරළෙන් ඉවත් කිරීමට පියවර

(මනෝජ් හර්ෂික)

දිවයිනේ වෙරළ වටා ඇති කැඩී බිඳී ගිය බහුදින යාත්‍රා මේ වසර නිමවීමට පෙර වෙරළ තීරයෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අදාළ අංශවලට අද (11) උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යාවරයා නිලධාරීන්ට මේ පිළිබඳව උපදෙස් ලබාදුන්නේය.

පාරිසරික හානියට මෙන්ම ඩෙංගු උවදුරටත් පිළියමක් වශයෙන්, මෙම බහුදින යාත්‍රා ඉවත්කිරීමට තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද බහුදින ධීවර යාත්‍රා ගැඹුරු මුහුදේ ගිල්වා මත්ස්‍ය ඒකරාශී ඇටවුම් සකස්කරන ලෙසත් එමගින් මත්ස්‍ය සම්පත වර්ධනය වනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

භාවිතයෙන් ඉවත්කළ බහුදින ධීවර යාත්‍රා ඉවත් කිරීම මගින් වරාය පරිශ්‍රයේ ඉඩපහසුකම් ලබාගැනීම සහ නොදිරන අපද්‍රව්‍ය වශයෙන් පවතින ෆයිබර් ග්ලාස් පරිසරයට මුදා හැරීමෙන් වන පාරිසරික හානිය අවම කරගත හැකි බව ද අමාත්‍යවරයා එහිදී කීය.

මෙමගින් මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් කොරල්පර වැනි පරිසර පද්ධති වෙනුවට විකල්ප පරිසර පද්ධති ඇතිකිරීමෙන් මත්ස්‍ය අභිජනන ස්ථාන වැඩිකිරීම තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා වෙරළෙන් ඉවත් කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32368 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site