(අමදෝරු අමරජිව)
ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ දී දෙමළ ජාතික සන්ධානය රජයට සහය නොදෙන ලෙස බල කරන උද්ඝෝෂණයක් අද (11) දෙමළ සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය තැපැල් කාර්යාල පාරේ පිහිටි නිවස ඉදිරිපිටදි පැවැත්විණි.
දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට එම පක්ෂ ක්‍රියාකාරින් 25 දෙනෙකු පමණක් පැමිණ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් පැවැත්වීම හේතුවෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය මගින් සන්ධාන නායකයාගේ නිවසේ ආරක්ෂක රැකවල් තර කර තිබේ.
සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු රැස්වීම සඳහා බැහැර ගොස් ඇති බවද දැනගන්නට හැකිවිය.
මෙහිදි අදහස් දැක්වූ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සින්නයියා ශිව කුමාර් හෙවත් ශක්තිවන් මහතා පැවසුවේ මේ රජය බලයට පත්වී වසර හතර හමාරක් වන විටත් දෙමළ ජනතාවට ඉන් සෙතක් වූ බවක් පෙනෙන්නට නැති බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විශ්වාසභංගයට සහය නොදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්