(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කන්කසන්තුරේ බලා ගමන් ගත් අන්තර් නගර සීඝ‍්‍රගාමී දුම්රියේ යතුරුපැදියක් ගැටී අද (15) දෙදෙනෙක් මියගිය බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
අනතුරන් මියගොස් ඇත්තේ ජාඇල කොටුගොඩ පදිංචි 45 හැවිරිදි රුවන් සංජීව චින්තක හා ඔහුගේ දියණිය වන 11 හැවිරිදි රුෂාදි ඩිලන්සා යන අයයි.
වදුරව දුම්රිය ස්ථානය අසල හරස් පාරේ දී මෙම අනතුර සිදුවී තිබේ.
එම තැනැත්තා ජා -ඇළ කොටුගොඩ නිවසේ සිට සිය බිරියගේ පියාගේ තෙමස් පිංකම සදහා පවුලේ පිරිස සමඟ වදුරව නිවසට පැමිණ සිට තිබේ.
ඔවුන් දුම්රිය හරස් පාර සමීපයට යද්දී සංඥා දැල්වෙමින් තිබී ඇති අතර කොළඹ දෙසට ගමන් ගත් මන්දගාමී දුම්රිය පිටත්වූ විගසම එම දුම්රිය පිටුපසින් පාර හරහා ගමන් කරද්දී කොළඹ දෙස සිට පැමිණි සීඝ‍්‍රගාමී දුම්රියේ ගැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරුපැදියක් දුම්රියේ ගැටී පියාත් - දුවත් මරුට