(කේ බුද්ධික කුමාරසිරි)
මාලබේ පිට්ටුගල ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ සම්බාහන මධ්‍යස්ථානයකට අද (14) අලුයම සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හිස් වැසුම් පැළඳ පැමිණි තරුණයින් සිව්දෙනෙකු එහි සිටි පිරිසට තර්ජනය කර තියුණු ආයුධ පෙන්වා බියකර ඔවුන් සතුව තිබූ මුදල් හා ස්වර්නාභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම කොල්ලය සිදුවන අවස්ථාවේදී අදාළ සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු හා තවත් කාන්තාවන් කිහිපදෙනෙකු සිට ඇත.
එහි පැමිණි මුහුණු ආවරණය කර ගත් පිරිස අත කඩු වැනි තියුණු ආයුධ කිහිපයක් තිබූ බවත් එම ආයුධ පෙන්වා මරා දමන බවට තර්ජනය කර මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කා පලා ගිය බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කොල්ලකරුවන් කාන්තාවන් සතුව තිබූ ස්වර්ණාභරණ කොල්ල කන අවස්ථාවේදී එක් කොල්ලකරුවකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප‍්‍රහාරයකින් එක් කාන්තාවක් සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
අදාළ සම්බාහන මධ්‍යස්ථානය හා ඒ අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන හා දුරකථන දත්ත වාර්තා අනුව මෙම කොල්ලය සිදු කළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd