(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක්, නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් වූ අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පදිංචි සුපුන් ප්‍රසාද් හා ඉෂාර කසුන් නැමති 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
ඊයේ ( 14 ) රාත්‍රියේ තරුණයින් දෙදෙනා අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කරමින් වඩත්ත දෙසට යාමට ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී නවතා තිබූ ටිපර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
ටිපර් රථයේ රියදුරා ටිපර් රථය මාර්ගය අයිනේ නවතා අලෝක සංඥා දල්වා අසළ තිබූ හෝටලකට ගොස් සිට ඇති බවද පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරාඅත් අඩංගුවට ගෙන ඇත.


2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටිපර් රථ - යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට