IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නුවරඑළිය රෝහල විවෘත කිරීමට වෛද්‍යවරු විරෝධය දක්වති

(රංජිත් රාජපක්ෂ)                        

නුවරඑළිය මූලික රෝහල අවස්ථා කිහිපයකදීම සෞඛ්‍යය සහ පෝෂණ අමාත්‍යය රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කළ බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුගේ පිරිසක් ඊට විරෝධය දක්වමින් කළු පටි පැළඳ අද (15) රාජකාරී කටයුතුවල නිරතවූහ.
 
රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නුවරඑළිය ශාඛාවේ කමිටු සමාජික චමත් ලියනගේ මහතා ඇතුළු සාමාජිකවරු පිරිසක් අද(15) රෝහල විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවී, කළු පටි පැළඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ.
 
මෙම මාධ්‍යය සාකච්ඡාවේදි අදහස් දැක් වූ රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ කමිටු සාමාජික චමත් ගියනගේ මහතා මෙසේ පැවසීය.
 
“මෙම උත්සවයට සහභාගී නොවුණේ හේතු කිහිපයක් නිසා. එකක් තමයි රෝහල සහ නේවාසික සංකීර්ණවල මීට කලින් රාජිත අමාත්‍යවරයා විසින් නේවාසික සංකිර්ණ දෙකක් විවෘත කරලා තියෙනවා. ඊට අමතරව මේ අවුරුද්දදේ අප්‍රේල් මාසය වනවිට පාලන අධිකාරිය විසින් මේ  රෝහල නැවත වතාවක් විවෘත කළා. අද අයෙත් මේ රෝහල විවෘත කරනවා. මේ විනාශ කරන්නේ ජනතාවගේ විශාල බදු මුදලක්. 
 
අනිත් එක තමයි අද දිනයේදි මෙම උත්සව කටයුත්ත සඳහා මෙපමණ කාලයක් නව රෝහලේ පැවතුණු වෛද්‍ය වාට්ටු, මුලික ප්‍රතිකාර ඒක්ක, හදිසි ප්‍රතිකාර ඒකකය, සායන, පැරණි රෝහලේයි පැවැත්වුණේ. අද දිනයේ ඇතුළත් වන රෝගීන් නැවත වතාවක් තාවකාලිකව නතර කරගෙන තිබෙනවා. පැරණි රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයත් අද දිනයේදි  පැරණි රෝහලට රැගෙන ගිහින් තියෙනවා. මේ අතරතුරදි හදිසි අනතුරක් සිදුවෙලා විශාල පිරිසක් රැගෙන ආවොත් මොකද වෙන්නේ,  කාර්යය මණ්ඩලය දෙකට බෙදෙන්න ඕනි. කාර්යය මණ්ඩලය ඉතා අඩු ප්‍රමාණයකින් තමයි නුවරඑළිය රෝහල පවත්වගෙන යන්නේ. කාර්යය මණ්ඩලය දෙකට බෙදිලා වැඩ කරන්න ගියා රෝගී ජනතාවගේ ජීවිත අවදානමේ. ‍ මේ වේලාවේ රෝගීන් මෙන්ම අධ්‍යක්ෂකතුමා ඇතුළු වෛද්‍යවරුන්, හෙද නිලධාරින් සියල්ලන්ම අපහසුතාවයට පත් වෙනවා.
 
මේකේ වගකීම කවුද භාරගන්නේ රාජිත සේනාරත්න සෞඛ්‍යය ඇමතිවරයාද සෞඛ්‍ය අමාත්‍යංශයද?

එනිසා අපි මේකට විරෝධය දැක්වීමක් ලෙස  අධ්‍යක්ෂකවරයාව දැනුවත් කළා. මේ උත්සවය පවත්වන එක අපිට ප්‍රශ්නයක් නැහැ, හැබැයි උත්සව පවත්වනවා කියලා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වගේ දේවල් එහෙට මෙහෙට රැගෙනයාම වාගේ දේවල් කරන්ඩ එපා, කියලා. ලිඛිතවත් අපි දැනුම් දුන්නා මේකට විරුද්ධ බව, එනිසා අපි කළු පටි පැළදගෙන සාමාන්‍ය පරිදි රාජකාරිවල නිරත වෙනවා.
මොනම හේතුවක් නිසාවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිසිම සාමාජිකයෙකු අද දිනයේ පැවති මෙම උත්සවයට සහභාගී වුණේ නැහැ” යැයිද හෙතෙම පැවසීය.



අදහස් (1)

නුවරඑළිය රෝහල විවෘත කිරීමට වෛද්‍යවරු විරෝධය දක්වති

gamarala Monday, 15 July 2019 03:27 PM

මැතිවරණයක් ලඟම එන බවයි. එතකොට ඔය නාඩගම් නටන්න බැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site