IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උණවටුණේ සෙල්ෆි ගැනීමට ගිය තරුණයෝ දෙදෙනා මුහුදට වැටී අතුරුදන්

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

උණවටුන රූමස්සල වෙරළේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ගලක් මත සිට සෙල්ෆි ඡායාරුපයක් ගනිමින් සිටියදී  අද (16) සවස මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනි සිටින  බද්දේගම ගිණිමැල්ලගහ පදිංචි නිලංග මලිත් (20) රවිඳු ප්‍රසාද් (21) යන දෙදෙනෙකි.

මෙම දෙදෙනා  උපකාරක පංති යන බව නිවෙස්වලට  පවසා තවත් තිදෙනෙකු සමඟ උණවටුන රූමස්සල ජංගල් බීච් වෙරළේ නෑමට පැමිණ ඇත. සේ පැමිණ මෙම දෙදෙනා ගලක් උඩට නැග සෙල්ෆි ඡායාරූපයක් ගෙන ආපස්සට හැරෙනවාත් සමඟ රළ පහරක් වැදී මුහුදට වැටි අතුරුදන්ව තිබේ.

සිද්ධිය සැලවීමත් සමග නාවික හමුදාවේ දක්ෂිණ කඳවුරේ කිමිදුම්කරුවන් අතුරුදන්වූ අය සෙවිම ආරම්භ කළත් සවස්වනතුරු සොයා ගැනීමට නොහැකිවිය.

පොලිසිය පැවසුවේ මෙම ස්ථානයේ පසුගිය මාසයේ පොහොය දිනයේ ද සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මහරගම ප්‍රදේශයේ කාන්තාවක සහ උණවටුනේ පදිංචි හමුදා සෙබළකුද මුහුදට වැටී මියගිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි‍.



අදහස් (0)

උණවටුණේ සෙල්ෆි ගැනීමට ගිය තරුණයෝ දෙදෙනා මුහුදට වැටී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site