(අනීෂා මානගේ)
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි ගම්වාසීන් පිරිසක් අද (17) හදිසියේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණහ.
ප්‍රාදේශීය ලේකම්වරයා නිසිපරිදි ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජයභූමි සහ ඉඩම් බලපත්‍ර සහිත ඉඩම්වල නිවාස පිහිටි හිමිකරුවන් දෙදෙනකු ඇතුළු බලපත්‍ර සහිත ඉඩම් හිමිකරුවන් 6 දෙනකුගේ ඉඩම් අහිමිවූයේ යැයි කියමින් මෙලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැද තිබේ.
1995 වර්ෂයේදී ජයභූමි ඉඩම් බලපත්‍රය අනුව පර්චස් 20 ක් ප්‍රමාණයක් මෙම එක් නිවාසයක හිමිකරුවකුට හිමිවී ඇති අතර අනෙක් නිවාස හිමියාට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කළ බලපත්‍රක් බව හිමිකරුවෝ පවසති.
මෙම නිවෙස් හිමියන් දෙදෙනාට අමතරව බලපත්‍ර හිමි තවත් ඉඩම් හිමියන් සිව් දෙනෙකු සිටී. 1983 වර්ෂයේදී මෙම ඉඩම්වල මුල් හිමිකරු විසින් පවරන ලද නඩුවක අවසාන තීන්දුව ලෙස මුල් හිමිකරුට එම සියළුම ඉඩම්වල හිමිකාරීත්වය ලබා දී ඇති අතර මේ හේතුවෙන් එම ඉඩම්වල පසුව නිවාස ඉදිකරගත් පුද්ගලයන්ගේ නිවෙස් ද අහිමිවන බව ඔවුහු කියති.
නඩුව විභාග වෙමින් තිබියදී එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිසිපරිදි ලිපිගොනු ඉදිරිපත් නොකිරීම නිසා ඔවුන්ට මෙලෙස ඉඩම් අහිමි වූ බව ඔවුහු පවසති.
1983 වර්ෂයේදී පවරන ලද නඩුව විභාග වෙමින් තිබියදී මෙම ගම්වාසීන්ට රජයෙන් ජයභූමි සහ බලපත්‍ර ලබා දී ඇතැයි ද ඉඩමේ තීන්දුව ලබාදෙන තුරු මොවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන සිටියේ නැතැයි ද ඔවුහු කියති. තවද මුල් අයිතිකරුට ඉඩම් හිමිවීම හේතුවෙන් නිවාස අටකට පමණ ගමන් කිරීමට ඇති මාර්ගය අහිමිවී යන බවද ගම්වාසීහු කියති.
මේ හේතුවෙන් වලස්මුල්ල පහළගොඩ මහායාය ප්‍රදේශයේ ගම්වාසීහු සියයකට අධික පිරිසක් අද (17) වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරත වූහ.
විරෝධතා පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් සිය විරෝධතාව දැක්වූ විරෝධතාකාරුවෝ සුළු වේලාවකට පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසා තිබූ ගේට්ටුව තල්ලුකර බලහත්කාරයෙන් එම භූමියට ඇතුළු වූහ.
විරෝධතාකරුවන් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ඇතුළු වූ අතර අහිමි වූ නිවෙස්වල අයිතිකරුවන් සිවුදෙනකුට ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට එහිදී අවස්ථාව හිමි විය.
මොවුන් ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන තෙක් අනෙක් විරෝධතාකරුවෝ පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ බිම වාඩි වී විරෝධතා පුවරු අතැතිව ඔවුන්ට සහය දැක්වූහ.
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් අයි.ආර්.විතාරණ මහතා විරෝධතාකරුවන්ට කරුණු පැහැදිලි කර දුන් අතර අදාළ ඉඩමෙහි මුල් අයිතිකරු සමඟ සාකච්ඡා කර නිවෙස් පිහිටි ඉඩම් වෙනුවට වෙනත් ඉඩම් ලබා දීමට එකඟ කරගන්නා බවට පොරොන්දු විය. ඒ අනුව විරෝධතාකරුවෝ විසිර ගියහ.


2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වලස්මුල්ල ප්‍රා.ලේ. කාර්යාලයට ගම්වැසියෝ කඩා වදිති