( ඩී.කේ.රත්න)
වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය මගින් පළමුව පොරොන්දු වුවද එම මුදල ලබාදීම රජය විසින් මගහරිමින් සිටින බවත් එම මුදල ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වතු කම්කරුවන් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට එළඹෙන බවත් වතු කම්කරු මධ්‍යස්ථානය අද (15) හාලිඇලදී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා වතුකම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් සහ වතුකම්කරු මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත‍්‍රික් සභාපති ඉන්දුමතී විද්‍යාරත්න යන අය සහභාගී වූහ.
රුපියල් දහසක දෛනික වැටුප වෙනුවට රුපියල් පනහක දීමනාවක් දැනට ගෙවන රුපියල් 700 ක දෛනික වැටුපට එකතු කරන බවට රජය පොරොන්දු වුවද මේ වන තෙක් එම මුදලද ලබාදීමට කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති තිබේ.
වතු කම්කරුවන් නියෝජනය කරන රජයේ ඇමැතිවරුන් හා රජයේ වතු කම්කරුවන් රැවටීමට කටයුතු කළද ඉදිරියේදී තම වෘත්තීය සමිතිය මගින් වතු කම්කරුවන් පාරට බස්සවමින් දැඩි වෘත්තීය ක‍්‍රීයාමාර්ගයකට එළඹෙන බවත් වතුකම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වතුකම්කරුවන්ට දුන් පොරොන්දු ඉටු නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට