(මහේෂ් කීර්තිරත්න)
පොහොය දින වැඩිමිලට විකිණීම සඳහා මෙරට නිෂ්පාදිත අරක්කු තොගයක් මාතලේ ත්‍රිකුණාමල විදියේ විසිතුරු මත්ස්‍ය අලෙවි සැලක සූක්ෂම ලෙස සඟවා තිබියදී මාතලේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (16) පස්වරුවේ එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර විවිධ නාමයන් සහිත රජයේ අරක්කු බෝතල් 200කට ආසන්න ප්‍රමාණයක් සහ බියර් ටින් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
පොහාය දින මත්පැන් අලෙවිසැල් වසා තැබීම නිසා මෙම වෙළදසැලේ මෙම අරක්කු සඟවා පොහොය දින පුරා සහ රාත්‍රියේ අනුමත මුදලට වඩා වංචනික ලෙස මෙම අරක්කු වර්ග වැඩිමිලට විකුණන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණවී තිබේ.
සැකකරු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd