IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කතරගම වන්දනාකරුවන්ට මත්කුඩු විකිණූ අයෙක් අල්ලයි

 (දිලීප් ජයසේකර)
 
කතරගම වන්දනාවේ පැමිණෙන තරුණයින් සඳහා අලෙවි කිරීමට හෙරොයින් මත් කුඩු රැගෙන යමින් සිටි තරුණයෙකු සෙල්ලකතරගම පාරේදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් අද(16) අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ කඳසුරිදුගම, ගම්උදාව පාර, කතරගම පදිංචි 22 හැවිරිදි විවාහක තරුණයෙකි.
 
මෙම සැකකාර තරුණයා හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 1170ක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට පත් විය.
 
අත්අඩංගුවට පත් තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදි ඔහු පොලීසියට පවසා ඇත්තේ තමන්ට වෙනත් රැකියාවක් නොමැති බවත්, හෙරොයින් විකිණීමට පුරුදු වූ බවත්, දැනට මාස 8ක සිට විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයට හෙරොයින් මත් කුඩු ලබාගෙන වන්දනාවේ පැමිණෙන තරුණයින්ට විකුණන බවත්ය.
 
සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට බාර දී ඇති අතර ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කතරගම වන්දනාකරුවන්ට මත්කුඩු විකිණූ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site