(කේ.බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් අද (16) සවස මීගොඩ පොලිස් ස්ථානය ආසන්නයේදී හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන් දැවී විනාශ වූ බව මීගොඩ පොලිසිය පවසයි.
මාර්ග අංක 120 හොරණ - කොළඹ මගී ප‍්‍රවාහන බස් රථයක් වන මෙම බස් රථය අළුත්වැඩියා කටයුත්තක් සඳහා රැගෙන යන අතරතුර බස් රථයේ පිටුපස ප‍්‍රදේශයෙන් එකවරම ඇති වූ ගින්නක් හේතුවෙන් සුළු කාලයක් තුළ බස් රථය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වූ බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.
බස් රථය ගිනි ගන්නා ආකාරය අසල මීගොඩ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දැක ප‍්‍රදේශවාසීන් හා එක්ව ගින්න නිවීමට කටයුතු කළද ඒ වන විටත් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබූ බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් මීගොඩදී ගිනි ගනී