(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ දි පාපැදියක් පදිමින් සිටි නව හැවිරිදි වියේ දරුවකු බවුසරයකට යටවීමෙන් අනතුර සිදුවු ස්ථානයේ දීම ඊයේ ( 16) රාත්‍රියේ මිය ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ විසු දිල්ශාන් මධුසංඛ නමැති දරුවාය.
මෙම දරුවා හා තවත් දරුවෙකු පාපැදියකින් සිය නිවසේ සිට අසළ වු වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේ දි කන්කසන්තුරේ සිට සිමෙන්ති කුඩු ප්‍රවාහනය කළ බවුසර් රථයකට යටවී ඇති බව පොලිසිය කියයි.
මෘත ශරීරය මේ වන විට පුත්තලම මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණ කටයුතු අද ( 17 ) සිදු කිරීමට නියමිතව ඇත.
අනතුර කළ බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බවුසරයක ගැටී පාපැදිය පැදවූ දරුවෙක් මරුට