(දයාරත්න ඇඹෝගම)
ජාතික අභිමානය සහ අනුරාධපුර පෞඩත්වය විදහා දක්වමින් 23 වන වරටත් සංවිධානය කරන ලද අනුරාධපුර දළදා පෙරහර අද (17) අලුයම සාර්ථකව අවසන් විය.
ඇසළ පෝදා සවස පස්වරු 7.17 ට යෙදුණු සුභ මොහොතින් මහා සංඝ රත්නයේ පිරිත් දෙසුම් මැද සධාතුක කරඬුව හස්තිරාජයා මත තැබීමෙන් පසුව අනුරාධපුර නගරය පුරා වීදි සංචාරය කිරිම ආරම්භ විය.
දළදා පෙරහර වීදි සංචාරය කිරීමේදී දහස් ගණන් ජනතාව එක්වී සිටි අතර අලි ඇතුන් 14 දෙනෙකු සමඟ උඩරට, පහතරට, සබරගමු නැටුම් ඇතුළත් නැටුම් කණ්ඩායම් රැසකින් දළදා පෙරහර අලාංකාරවත්ව තිබිණි.
උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි ප්‍රමුඛ අටමස්ථානයේ ගරුතර මහා සංඝ රත්නයේ හිමිවරුන් ඇතුළු තෛයිනිකායක මහා සංඝ රත්නයේ අනුසාසනා පරිදි උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක යන මහත්වරුන්ගේ ආශිර්වාදයෙන් පළාත් සභා රාජ්‍ය අංශවල සංවිධානයෙන් මෙම දළදා පෙරහර පැවැත්විණි.
එවකට හිටපු කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ සංකල්පයක් අනුව 1997 වසරේ මෙම දළදා පෙරහර ආරම්භ විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අ’පුර දළදා පෙරහර අවසන්