(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
බලන්ගොඩ සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයේ දියේ ගිලී තරුණයෙක් අද (16) පස්වරුවේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බලන්ගොඩ රැක්අත්තන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි.
තරුණයන් තිදෙනෙකු සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයේ දිය නෑමට ගොස් තිබෙන අතර එහිදී මෙම තරුණයා දියේ ගිලි මියගොස් තිබේ.
ඔහුගේ සිරුර මේ වන විට බලන්ගොඩ පඹහින්න රෝහල වෙත ගෙනගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd