අනීෂා මානගේ
තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ග්‍රාමීය බැංකුවේ ඉහළ මාලයේ අද(17) පස්වරුවේදී හදිසි ගින්නක් හට ගෙන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගින්න හට ගෙන තිබිණි. විදුලි උත්පාදක යන්ත්‍රයක අලුත්වැඩියාවක් සිදුකර සේවකයකු විසින් එහි බැට්රිය සවි කිරීමට යාමේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් එම උපකරණය ගිනිගෙන ඇති ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් බැංකුවේ ඉහළ මාලයට ගිනි ඇවිළී ඇති අතර සුළු හානි සිදුව තිබිණී.
තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ භටයන්, තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්, කාර්යාලයේ සේවක මණ්ඩලය සහ අසල්වැසියන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
කාර්යාලයේ කිසිදු සේවකයකුට සහ ලිපිගොනුවලට හානි සිදුව නැතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd