උතුරුමැද සමූපකාර නිලවරණය කල්දැමීම ගැන කරුණු කියන්න වගඋත්තරකරුවන්ට නියෝග
උතුරුමැද සමූපකාර සමිතිවල අධ්යක්ෂ මණ්ඩල නිලවරණය දින නියමයක් නොමැතිව නීතිවිරෝධීව කල් දමා ඇති බවට නගා ඇති චෝදනාවන්ට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි උතුරුමැද පළාත් ආණ්ඩුකාර,පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්රධාන ලේකම් සහ පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්ර රණවක මහතා අද (17) නියෝග කළේය.