
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරක කාලය තුළ ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර හරහා ඇමෙරිකන් ඩොලර් බිලියනයකට (රුපියල් බිලියන 300කට අධික) වඩා උපයා ඇති බව එරට මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් මාධ්‍ය මේ බව අනාවරණය කර ඇත්තේ, රජයේ ‘ආචාර ධර්ම පිළිබඳ’ කාර්යාලය නිකුත් කළ පිටු 927ක වාර්ෂික මූල්‍ය ප්රකාශනයක් උපුටා දක්වමිනි.
මීට පෙර ක්‍රිප්ටෝ මුදල් යනු මහජනතාව මුළා කරන වංචාවක් ලෙස හැඳින්වූ ට්‍රම්ප්, මේ වන විට ඉන් විශාල ලාභයක් උපයන්නකු බවට පත්ව සිටීම විශේෂත්වයක් බව ද මාධ්‍ය පෙන්වා දෙයි.
ට්‍රම්ප්ගේ පවුලට සම්බන්ධ වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල් ව්‍යාපාරය හරහා ඩොලර් මිලියන 500කට අධික මුදලක් ද, ඔහුගේ දෙවන ජනාධිපති ධුරය භාර ගැනීමට දින කිහිපයකට පෙර ආරම්භ කළ ‘මෙම්කොයින්’ ව්‍යාපාරය හරහා ද ඩොලර් මිලියන 600කට අධික මුදලක් ද උපයා ඇති අතර, මේ සමඟ ෆෝබ්ස් සඟරාව ඇස්තමේන්තු කර ඇත්තේ ට්‍රම්ප්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd