
(සුජිත් හේවාජුලිගේ)
පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය.
පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවූ පොලිස් නිලධාරීන් හය දෙනකු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඒ පිළිබඳ තොරතුරු පොලිස් විශේෂ විමර්ශන අංශයට පසුගිය සතියේ දී යොමු කළ බවද ඔහු සඳහන් කළේය.
පාතාලය සහ විවිධ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරන පොලිස් නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙලෙස ලැබුණු බුද්ධි තොරතුරු මත කල්පිටිය ඇතුළු ඇතැම් පොලිසිවල සියලු නිලධාරීන් පසුගිය දිනවල මාරු කළ බවද ප්‍රකාශ කළේය.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට මෙවැනි දූෂිත නිලධාරීන් බාධාවක් බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර පාතාලයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුප් ගන්නා බවට තොරතුරු ලැබී ඇති පොලිස් නිලධාරින් 200කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන්ද රජයේ බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇත.
මෙරට පාතාලය හා බැඳුණු ක්‍රියාකාරීන් දෙදහසකට ආසන්න පිරිසක් සිටින බව රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුතුම දෙය. මේක සුද්ද නොකර රට හදනවා බොරු...
කසිප්පු කාරයො සමග සබදතා පවත්වන කොස්තාපල්ට ඉහළ තනතුරක විය හැකි පොලිස් නිලධාරි කෙනෙක් රාජකාරි කරන්නේ බොහෝවිට මාර්ගය ආශ්‍රිතවම තමයි ඔහු හැම වෙලාවේම ඔහුගේ ලියාපදිංචි අංකය වැසෙන ආකාරයට ජංගම දුරකථනයක සාක්කුවේ දමාගෙන යනවා පේනවා ඒ ගැන අවධානයට ගන්නවා නම් හොදයි කියලා හිතෙනවා...
සේවයෙන් තෙරපිලා විතරක් මදි මේ අයට.... නිසි දඩුවම් දෙන්න ඕනෑ. නැත්නම් එළියේ ඉදගෙන ආයෙමත් පාතාලයට සම්බන්ධ වෙනවා.
පාතාලයෙන් විතරක් නෙවෙයි, පොඩි වැරැද්දක් කළත් නොකළත් තමන්ට හිතුණොත් වැරැද්දක් බලෙන් හරි පටවලා මුදල් ගරාගන්න, නීතිය සාධාරණව කරන මුවාවෙන් පාර අයිනේ හිටගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවායි කියලා අමතක කරන්න එපා.