
(රංජිත් රාජපක්ෂ)
අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක නුවරඑලිය සංචාරක නිකේතනයකදී ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය පැය 48ක් රඳවා ප්රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නුවරඑලිය පොලිිසියට අවසර ලබාදුන්නාය.
සැකකරුවන් ඉදිරිපත් කරමින් නුවරඑලිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එසේ අවසර දුන්නාය.
එසේ රදවාගෙන ප්රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි චම්පික ශ්රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන නෙත්මි අමායා රත්නායක සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කුණඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරු ජයසිංහ රජිත සාලිය සමරසිංහ යන අයයි.
ප්රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් යාපනේ කයිතඩි ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවළ නුවරඑලිය පොලිසියට බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd