විශ්‍රාම වැටුප ගන්න ඇවිත් හිස් අතින් ගෙදර යති රජයේ විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප් ගෙවිය හැකි දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාර්තාවේ. 10 January 2023
මැතිවරණ ඇප මුදල් බාර ගැනීම නවතී පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර තිබේ. 10 January 2023
අලුත් සන්ධානය හෙට හෙලිකොප්ටරයෙන් එයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හෙට (11) පස්වරු 3.30 ට සිදුකෙරේ. 10 January 2023
අරුණගේ ‘මාරියා‘ ට ජායිපූර් සිනමා උළෙලෙන් සම්මානයක් ඉන්දියාවේ ජායිපූර් නගරයේදී අද (10) අවසන් වූ ‘15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා උෆළ්ලේ“ (Jiff) ‘ග්‍රීන් රෝස්‘ සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා‘ චිත්‍රපටයට හිමිවිය. 10 January 2023
රස්සාවෙන් නිදහස් කළ යුනියන් නායකයන් 4 කට ඛනිජ තෙලෙන් අමුතු සැලකිල්ලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් සිව් දෙනෙකුට නීතිරිතිවලට පටහැනිව සංස්ථාවෙන් රියදුරන් සමග කැබ් රථ ලබා දී ඇති බවද සේවයෙන් නිදහස් කළ වෘත්තීය සමිති නායකයින් පවා එම වාහන සඳහා මාසිකව ඉන්ධන හා අතිකාල දිමනා ලබාගන්නා බවද සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 10 January 2023
ලංකාවට 374 ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ගුවහාටිහිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් රැස්කිරීමට සමත් වූහ. 10 January 2023
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දිනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (11) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. 10 January 2023
කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සගයාට ඇප බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ළඟම ඥාතියෙකු ගේ ශරීර ඇප මතමුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (10) දින නියෝග කළාය. 10 January 2023
අ‘පුරත් ඇප බඳියි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම අද සිදුවිය. 10 January 2023
වැඩිකළ විදුලි බිල වහා හකුලා ගනිව් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (10) දිවා විවේක කාලයේදී විරෝධතාවක් පැවැත්වීය. 10 January 2023
ලංකික තරුණ තරුණියන්ට ජපන් රැකියා ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් දීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟ වූයේ යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 10 January 2023
කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ඉවතට තමාට එරෙහිව පැවැත්වීමට යන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 10 January 2023
දුම්රියට නව කාලසටහනක් නව දුම්රිය කාලසටහනක් ලබන මස මුලදී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 10 January 2023
දයාසිරිගෙන් චන්ද්‍රිකාට පිළිතුරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන සමයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වගකීම ද ඇය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 10 January 2023
කැබිනට් යෝජනාවට අනුව බිල වැඩි කරන්න බෑ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා සාමාන්‍යයෙන් දින 45 ත් 50 ත් අතර කාලයක් ගතවන බවත් කැබිනට් යෝජනාවට අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර කළ එය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. 10 January 2023
උසස් පෙළ විභාගය කාලයේ විදුලිය කපන්නේ නෑ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ක්‍රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. 10 January 2023
කොළඹ සභාවේ මන්ත්‍රීවරු බහුතරයකගේ සහය සජිත්ට කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය. 10 January 2023
පුංචි ඡන්දෙට පොහොට්ටුව පොලොන්නරුවේදී ඇප බඳී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් පොලොන්නරු දිස්ත්‍රික ලේකම් කාර්යාලයීය මැතිවරණ අංශයේ අද (10) ඇප මුදල් තැන්පත් කළේය. 10 January 2023
විදුලි බිල වැඩි කළොත් තේ කම්හල් හාන්සි විදුලි බිල නැවත වතාවක් වැඩි කළහොත් රටපුරා තේ කම්හල් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ථිර වශයෙන්ම වැසී යනු ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය. 10 January 2023
ඡන්දෙ තිව්වොත් පක්ෂ තුනට වියදම බිලියන 72ක් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර තිබේ. 10 January 2023
පොදු රද මඩුලු පාර්ලිමේන්තු ලේකම් අද දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අද (10) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 10 January 2023
එක්ස්ප්‍රස් පර්ල් හානි වාර්තාව එළියට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10) පිළිගන්වනු ලැබීය. 10 January 2023
පෞරානික චෛත්‍යයක් කෝටි 100 විකුණන්න ගිහින් රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙෙකු වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 10 January 2023
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දින 3කට වසයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10) සිට මේ මස 12 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවූ බවත් සේවා ලබාගැනීමට එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහි අධ්යක්ෂ (පාලන) පවසයි. 10 January 2023
ඩෙංගු දරුවෝ 40ක් රිජ්වේ රෝහලේ ඩෙංගු වැළඳුණු දරුවන් 40 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 10 January 2023
පුංචි ඡන්දෙට අලියයි පොහොට්ටුවයි එකතු වෙයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 10 January 2023
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඩොලර් වලින් ගන්න කැබිනට් අනුමැතිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට අදාළ වන්දි මුදල නැව අයිති රක්ෂණ සමාගමෙන් ඇමරිකා ඩොලර් වලින් ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙි. 10 January 2023
බෞද්ධයාගේ මුදුන් මල්කඩ ආරක්ෂාවට සිටි සෙබළෙක් කුඩු සමග මාට්ටු මෙරට ප්‍රධාන පූජනීය ස්ථානයකට අනුයුක්තව සේවය කරනු ලබන යුද හමුදා සොල්දාදුවකු හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මුලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය කියයි. 10 January 2023
ජාතික වීරයෙකුට රුවන්ගෙන් හරසර ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී (පැරණි පාර්ලිමේන්තුව) පැවැත්විණි. 10 January 2023
පිස්තෝලයක්, උණ්ඩ සමග තුනක් සැකපිට විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 14 සමග පුද්ගලයන් දෙදෙනකු ද ඔවුන්ගේ තොරතුරු මත තවත් අයකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 10 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026