ආරක්ෂිතව කෑම බීම නිවසට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළදුන් තම ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන වෙළඳුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දුරකථන අංක 0112236919 ට වහාම දැනුම් දෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. 30 May 2021
ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ගුවන් හමුදාවත් එක් වේ ගිනි ගනිමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටීමෙන් මීගමුව, දුන්ගල්පිටිය ,තලාහේන වෙරළතීරයට ගසා ගෙන ආ සුන්බුන් ඉවත් කිරීම ගුවන් හමුදාව මැදිහත් විය. 29 May 2021
ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය මීගමු කළපුවෙත් ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි පලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍ය ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කළපුවට ගොඩගසා ඇති බව එහි ධිවරයෝ කියති. 29 May 2021
යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක් කොළඹ අවට සිටින යාචකයනට සහ ආහාර පාන සපයා ගත නොහැකි පිරිස්වලට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන ලබා දිමට යුද හමුදා භට පිරිස් කටයුතු කළේය. 29 May 2021
ඇමෙරිකාවේ ධවල මන්දිරයේත් වෙසක් ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල් බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය. 28 May 2021
දුම්රිය පිලි මළකඩ කයි සංචරණ සිමා පැනවීමත් සමග දුම්රිය ධාවනය සම්පුර්නයෙන්ම අත්හිවිම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ රේල්පීලි මතුපිට මළ බැදීම ඇති අයුරු අප කැමරාවේ සටහන් වූමේ මේ අයුරිනි. 28 May 2021
කොළඹ තැන තැන වෙසක් අසිරිය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සැදැහැවතුනට සිදුවිය. 27 May 2021
පර්ල් නෞකාවෙන් විසිවූ කොටස් මීගමුවට ගොඩ ගසයි ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 May 2021
වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී ඇත. මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය. 26 May 2021
එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් 2කට තුවාලයි ගිනි ගැනීමකට ලක්ව කොළඹ වරාය ආසන්නයේ නවතා තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද (25) පෙරවරුවේ ඇති වූ පිපිරීමකින් එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තුවාල ලබා ඇති බව නාවික හමුදාව පවසයි. 25 May 2021
පාළුවට ගිය කොළඹ යාචකයෝ උයාන කති දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට කුසට ආහාරක් ඉල්ලා ගැනීමට කිසිවකුත් නැත. 24 May 2021
ළමා රෝහලේ සුව විරුවෝ බුදු තෙමඟුලට සැරසෙති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පොහෝ දිනයේදී නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන ලෙස රජය ජනතාවට දැනුම් දී ඇත. 23 May 2021
සංචරණ සීමාවෙන් නගර පාළුවට යයි කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ නගරය ඇතුළු දිවයිනේ සෑම නගරයක්ම පාළුවට ගොස් තිබිණි. 22 May 2021
වෑතර ලී මෝල ගිනිරකුසාට බිලි කහතුඩුව වෑතර ප්‍රදේශයේ පිහිටි ලී මෝලක් සහ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයකහටගත් ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 22 May 2021
කොරෝනා වයිරසයෙන් වෙසක් උණුසුම මැකෙයි කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර වෙසක් සැමරුමට ද සීමා පැනවී ඇත. 21 May 2021
අගනුවරට මායිමේ: ඔන්ලයින් ගස් උඩ කොළඹ දිස්ත්‍රික්කයේ මායමේ පදිංචිව සිටිය ද දුරකතන අන්තර්ජාල පහසුකම් නොලැබීම නිසාවෙන් අඩි 40 ක් පමණ ගස්වල අට්ටාල මත නැග මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් පිරිසක් පිළිබදව වෑවිල කළටුවාව ප්‍රදේශයෙන් වාර්තා වේ 20 May 2021
උඩින් ගිහින් වැලි ජාවාරම්කරැවන් අල්ලයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් ත්‍රිකුණාමලය මූතූර් සිත්තාර් පාලම අසල මහා පරිමාණ වැලි ජාවාරමක් වටලා ටිපර් රථ 21ක්, බෝට්ටු 34ක් සමග සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 19 May 2021
වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි. 19 May 2021
වැල්ලම්පිටියේ කුණුගොඩකට දමා ගිය අම්මටයි තාත්තටයි කොරෝනා කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී තහවුරු විණි යැයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක සරත් මල්ලවආරච්චි මහතා පවසයි. 18 May 2021
වවුනියාවෙන් අනුරාධපුර යුගයට අයත් ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක වවුනියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වවුනියාව මන්නකුලම් රක්ෂිතයට ආසන්නයෙන් අනුරාධපුර යුගයට අයත් ඉපැරණි ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් සොයාගත් බව වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි. 17 May 2021
මැනින් වෙළඳ සංකීර්ණය පිරීයයි අඛණ්ඩව තෙදිනක් පුරා පැවැති සංචාරණ සීමාවන් අවසන් වීමෙන් පසු කොළඹ මැනින් මාකට් වෙළඳ සංකීර්ණය වෙළඳුන්ගෙන් මෙන්න පාරිභෝගිකයන්ගෙන් ද පිරී ඉතිරී ගියේ ය. 17 May 2021
නගර රැසක තවමත් ගංවතුර දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට බලපෑ ආපදා තත්වයෙන් පවුල් 12,177 කට අයත්, 48,300 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි. 16 May 2021
පුත්තලමේ වට්ටක්කා ගෙවල්වල කුණුවෙයි නවගත්තේගම කිලෝ ලක්ෂ තුනකට අධික වට්ටක්කා තොග අලෙවි කර ගැනිමට නොහැකිව නිවෙස් වල කුණු වි විනාශ වි යන බව ගොවින් පවසයි . 16 May 2021
කැලණි ගඟ පිටාර ගලයි:ගම් රැසක් ජලයෙන් යටවෙයි දෙදිනක් පුරා පැවැති තද වර්ෂාවත් සමග කැළණි ගංග පීටර ගැලීම නිසා කඩුවෙල ,බණ්ඩාරවත්ත, බියගම, මල්වාන ඇතුළු ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 15 May 2021
පාදයේ තුවාලයෙන් වේදනා විඳින දළ ඇතාට බුදුපුත්හු උවටැන් කරති. වව්නියාව කනගරායන්කුලම් පුදූර් රක්ෂිතයේ කැලෑවක තුවාල ලබා ඇති දළ ඇතෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි. 15 May 2021
ඌරාපොළ - රුවන්වැල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි දැඩි වර්ෂාවත් සමග අද (14) අළුයම ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේ කන්දක් නාය ගොස් විශාල ගල් සහිත පස්කන්දක් මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා ඊයේ (14) දහවල් පැවසීය. 14 May 2021
ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ස්වසන අපහසුතා ඇති රෝගීන් සඳහා භාවිතා කිරීමට හැකි තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කර ඇති අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. 13 May 2021
ගේට්ටුකරු නිරෝධායනයේ:දුම්රිය අනාරක්ෂිත ගමනේ වාද්දුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා සේවකයින් නිවෙස් වල නිරෝධායන කළ පිරිස අතර ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ රාජකාරි කරන සේවකයා ද නිවෙස්ගත කර කිරීමට හේතුවෙන්, එම හරස් මාර්ගය අනාරක්ෂිත වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 13 May 2021
මුලතිව් කුරුඳුමලෙයි ස්ථූපයේ සංරක්ෂණ කටයුතු අරඹයි මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්ඳිමලෙයි පුරාවිද්‍යා ස්ථානයෙන් මතු වූ අනුරාධපුර පළමු යුගයන්ට අයත් පෞරාණික ස්ථූපයේ කැනීම් කටයුතු අවසන් වීමෙන් පසුව එහි සංරක්ෂණ කටයුතු නිල වශයෙන් ආගමික වතාවත් වලට අනුව ආරම්භ කරනු ලැබීය. 12 May 2021
දක්ෂිණ අධිවේගී මඟේ දැඩි නීති පළාත් අතර සංචරන සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ සිදු කරන බව ආරක්ෂක අංශ කියයි. 12 May 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026