
(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹ දිස්ත‍්‍රික්කයේ මායමේ පදිංචිව සිටිය ද දුරකතන අන්තර්ජාල පහසුකම් නොලැබීම නිසාවෙන් අඩි 40 ක් පමණ ගස්වල අට්ටාල මත නැග මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් පිරිසක් පිළිබදව වෑවිල කළටුවාව ප‍්‍රදේශයෙන් වාර්තා වේ
කොළඹ සහ රත්නපුර දිස්ත‍්‍රික් මායම් ගම්මානයක් වන රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් වෑවිල කළටුවාව ගම්මානයේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන කටයුතු සදහා ඔවුන්ගේ නිවාස තිබෙන ප‍්‍රදේශවලට දුරකථන සමාගම් මගින් ලබා දෙන අන්තර්ජාල සංඥා නොලැබීම නිසාවෙන් මේ දිනවල ප‍්‍රදේශයේ උස් ස්තානවල ගස්වල අට්ටාල බැඳ ඒ මත නැග උදෑසන සිට රාත‍්‍රී වනතුරුම ඉගෙනුම් කටයුතුවල නිරත වන ආකාරය දැක ගත හැකි විය.
මෙවර අධ්‍යනය පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට මුහුණ දිමට නිමිත දරුවන් මෙන්ම අනෙක් ශ්‍රේණි සදහා උගෙන ගන්නා දරුවන් ද තම ජංගම දුරකථනවලට අවශ්‍ය අන්තර්ජාල සංඥා නොලැබීම නිසාවෙන් මෙලෙස අට්ටාල මත නැග අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් වසරකට වැඩි කාළයක සිට අදාල දුරකථන සමාගම් දැනුවත් කල ද මෙතෙක් ඒ සදහා විසඳුමක් ලබා දීමට කිසිවකු කටයුතු නොකල බැවින් මෙලෙස හැකි ආකාරයෙන් දුරකථන සංඥ යාන්තමින් හෝ ලැබෙන උස් ප‍්‍රදේශවල පිහිටි ගස්වල අට්ටාල බැඳ දරුවන් අධ්‍යාපන කටයුතු සදහා යොමු කළ බවද එම මාපියන් පවසති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙළුම් කුළුණු හදන්න කලින් මේව ඉවරයක් කරල දාන්න තිබුනා. ණය වෙලා මගුල් කනවා වගේ.. ලෝකෙට පේන්න බොරු වැඩ නොකර
අධ්‍යාපනයට (ඉගෙනුමට) ඔන් ලයින් ඕනම ද? දරුවන් බෙහෝ දෙනෙකු තුළ අධ්‍යාපනය ගැන ඇති වැරදි ආකල්පයම මේ ඔන් ලයින් නැඹුරුව පෙන්වනවා. ප්‍රාථමික ළමයින්ට නම් ඔන් ලයින් ඵලදායිතාව කොහොමත් අඩුයි. උසස් පෙළ ළමයින්ට නම් ටිකක් ඵලදායි. මොකද ප්‍රාථමික අධ්‍යාපනයේ දී අරමුණු ඉෂ්ට කරගන්න ගුරුවරයෙකුගේ සමීප ඇසුර අවශ්‍යයි. 6 - 11 ළමුන්ට නම් පෙළ පොත් මගින් ඔන් ලයින් මෙන් හත් අට ගුණයක් සාර්ථක ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය කියන්නේ කණ්ඩායම් ක්‍රියා, ක්‍රීඩා සෞන්දර්ය, ගවේෂණ ආදී ක්‍රියා රාශියක් මගින් වගේම පාසලේ උප සංස්කෘතිය මගින් ලැබෙන ඉහල මට්ටමේ දෙයක්. ඒක නම් ඔන්ලයින් වලින් ලැබෙන්නේ නැහ. එම නිසා ඔන් ලයින් ගැන නොහිතා පෙළ පොත භාවිත කර දැනුම ලබා ගන්න. අමතර දැනුමට වෙබ් සයිට් භාවිතය ඔන් ලයින්වලට වඩා වටිනවා. අමාරුම ගැටලු සාකච්ඡා කරන්න විතරක් ඔන් ලයින් යන්න..
රත්නපුර දිස්ත්‍රිකකයේ මෙවැනි තත්වයක් ඇත්තේ එහි පමණක් නොවේ ඇහැලියගොඩ කිරිඇල්ල (ඉඩංගොඩ) මාර්ගයේ හිදුරංගල ගමෙත් තත්වය එසේමයි.මෙවැනි පහසුකම් නොමැති රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යපන තත්වය ලවතින්නේ පහත් මට්ටමකින් නිසා අධාපනයෙන් ඉහල මටිමමේ සිටින කොළඹ කළුතර කෑගල්ල මාතර වැනි දිස්ත්‍රිකකවල සිසුන් විශාලලෙස රත්නපුරේ පාසැල්වලට එනවා.දිස්ත්‍රික්කයේ දරුවන්ට නැති පහසුකම් හම දරුවන්ට ලැබෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට කුඩම්මාගේ සැලකිල්ලම තමා.(මෙම දිස්ත්‍රික්කයේ ඡන්දදාකයින් ආනයනය කල අපේක්ෂකයින් පාර්ලිමේන්තු යැවීමත් මෙයට හේතුවෙනවාද කියා සිතෙනවා)
අගනුවර සිට කි.මි. 30 ඈතින් ඉන්න අපට ටිවි එකත් පැහැදිලි නැති රටේ අපි ඉතින් මොනව කරන්නද නේද?
දුවේ පුතේ නුඹලා ලොකු වුණාම අද සිටින පාලකයන්ගේ නම්වල අගට දාපල්ලා මෙලෝ වැඩක් නැති කියලා...
දරුවනි, ඔබේ දෙමාපියන් අවුරුදු 72ක කාලයක් තිස්සේ රටක් විනාශ කරන පාලකයන් පත්කර ගැනීමට උරදීම නිසා ඔබට මෙවැනි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව අැත. ඔබ කෙසේ හෝ ඉගෙන ගෙන රටකට ජනතාවකට ආදරය කරන බුද්ධිමත් පාලකයින් පත්කර ගැනීමට වෙර දරන්න.
දැන් අපිට ඉන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු ජනාධිපති කෙනෙක්නේ.. ඒකනේ අපේ තාක්ෂණය මේ තරම් දියුණු වෙලා තියෙන්නේ.
මෙම වසංගත තත්වය හමුවේ වැඩිම ලාබ ලබන ආයතන වන්නේ දුරකථන සමාගම්... ඔවුන් විවිධ පැකේජ හඳුන්වා දීමට හා ප්‍රචාරණයට උත්සාහ කළත් රටම අධිවේගී අන්තර්ජාල යටිතල පහසුකම් වලින් සන්නද්ධ කිරීමට වේගවත්ව ක්‍රියා නොකරයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලාභයයි. වර්තමානයේ අධ්‍යාපනය හෝ නිවසේ සිට වැඩ කිරීම වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් සඳහා ඕනෑම අයෙක් කළින් නොකළ තරමේ වියදමක් කරයි. මෙය හුදෙක් දුරකථන සමාගම් සඳහා කොරෝනා වසංගතය උදාකරදුන් වෙළඳපලකි. දුරකථන සමාගම් තවමත් විශ්වාස කරනුයේ මෙය තාවකාලික වෙළෙඳපලක් කියායි. එ් නිසා ඔවුන් අන්තර්ජාල යටිතල පහසුකම් වලින් රටම ආවරණය කිරීමට උත්සාහ නොකරනවා විය හැකිය.