
(රොමේෂ් මධුෂංඛ )
මේ දිනවල ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවදානමෙන් බේරීමට මන්නාරමට ඇතුළුවීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 40 දෙනෙකු රැගත් යාත්‍රා 4 ක් ආපසු ඉන්දියාවටම යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
උතුරු, උතුරු මැද නාවික විධානය විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රා යොදාගනිමින් ධීවරයින් ලෙසින් පැමිණි පුද්ගලයින් මෙසේ නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී ආපසු යැවීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරවලා යැව්වා කියලා ඔය අය බයවෙන්නේ නැහැ... ආයේ බයවෙනවා. එකෙකුට වෙඩි තිබ්බානම් ආයේ එකෙක්වත් එන්නේ නැහැ. එහෙම නැතුව ඒවා නතර කරන්න බෑ..