IMG-LOGO

වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි

(ඩයනා උදයංගනී)

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී ඇත. මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය.

පොහොය ලැබීම ඊයේ (25) පස්වරු 8.29 ට සිදුවූ අතර පොහොය ගෙවෙන්නේ අද (26) පස්වරු 4.43 ටය.

වෙහෙර විහාර පාළු ස්භාවයක් ගත්තේය. මහා සංඝරත්න උදෑසන පොහෝදා වතාවත් සිදු කළහ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර නිවෙස්වල සිටම සීල, භාවනා ආදී පිංකම්වල නිරත වන ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් මෙන්ම රජය ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

වෙසක් පොහෝ දිනයේ දී රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන බැවින් ජනතාවට විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව මෙවර අහිමි වී තිබේ. එමෙන්ම සාමාන්‍යයෙන් වෙසක් දිනයේදී දක්නට ලැබෙන දර්ශනීය තොරණ්, වෙසක් කලාප, වෙසක් පහන් කූඩු, දන්සැල්, ආදිය මෙවර ද සංවිධානය නොවේ.

පසුගිය 2020 වසරෙදී ද කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ නිසා ජනතාවට නිවසේ සිටම වෙසක් සැමරීමට සිදුවූ අතර ඊට පෙර 2019 වසරේදී ද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිසා ජනතාවට වෙසක් සමරන්නට සිදුවූයේ සීමා යටතේය.

වෙනෙදා වෙසක් පොහෝදිනවල අතුරු සිදුරු නැතිව පිරී ඉතිරි යන වෙහෙර විහාර අද පාළුවට ගොස් ඇති අයු අප කළ සංචරණයේදි දැක ගත හැකිවිය. කැළණිය, අනුරාධපුරය, පොලොන්නරුව,මහනුවර දළදා මාලිගාව ඇතුළු සියලු සිද්ධාස්ථාන දැඩි පාළුවට ගොස් තිබුණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (0)

වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 541 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 967 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site