
(යොහාන් භාසුර)
ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
එම ගොඩගසා ඇති ද්‍රව්‍යවල රසායනික අඩංගු වීමට ඉඩත ඇති බවත් ඒ හේතුවෙන් ඉනතාව ආරක්‍ෂා කිීම සඳහා එම වෙරළ තීරයට නාවිත හමුදා නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ යොමු කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපට වෙච්ච දෙයක්, මේ බඩකඩිත්තුවට ඈත මුහුදට ඇදගෙනයන්නෙ නැතිව දවස් හයක් මෙ සීමාවෙ තියාගෙන නටපු නැටුමක් . බෙරෙත් නැහැ නැටුමත් නැහැ
දැන් ඉතින් අායේ අපේ මේවායේ විෂ තිබුණත්, නිකම් ලැබෙන නිසා අහුලාගෙන ගෙදර ගෙනිහින් තියා ගනී.
මේ ගින්න නිවාගන්න තරම් අපේ කට්ටියට බැරි වුණානේ.
නැවේ සුන්බුන් මීගමුව වෙරළ තීරයට ගොඩ ගසනවා කියන එකෙන් ගම්‍ය වන අනෙක් කරුණ තමයි පෝට්සිටි ව්‍යාපෘතිය නිසා මුහුදු රළ පහර මීගමුව වෙරළ දිශාවට කොපමණ ප්‍රමාණයක් හැරිල තියෙනවද කියන දේ. මේ නිසා මේ වෙනකොටත් ඉතා විශාල වෙරළ ඛාදනයක් මේ තීරයට සිදුවෙලා අවසන්. මේක ආරම්භය පමණයි ඉදිරියේදී ප්‍රතිඵල මීටත් වඩා දරුණු වේවි.. මුදල් ඉදිරියේ නිවටවී නිහඬවූ මේ තීරයේ ධීවර සමිති සියල්ලම මේකට වග කිව යුතුයි.
මම දැක්කා සමාජ ජාලවල සංසරණය වන වීඩියෝවල මේ මුහුදු සීමා අවට ඉන්න ජනතාව මේවා එකතු කරගෙන ගෙවල් වලට ගෙනියනවා, සමහර උරවල විවිධ වර්ගයේ බිස්කටි වර්ග, නුල්ඩ් වර්ග, මේවා කෑමෙන් වලකින්න කියලා අඩුම රජයේ පුවෘර්තිවලින් වත් කිව්වනම් වටිනවා, අනික මෙවා විවිධ රසායනික කාරක සමග මුසු වෙලා. පව් දෙමව්පියො නොදැනුවත්ව පොඩි දරැවන්ට දුන්නොත්... කිසියම් දැනුවත් කිරීමක් කලොත් වටිනවා.
මාළු ඇල්ලීමෙන් ජීවත් වන අයගේ ආදායමට ඇතිවන හානිය මෙම නැව් සමාගමෙන් අයකර ගත යුතුය. ඒ පරිසර හානියේ වියදමට අමතරවය
ඔව් ඔව් වන්දි අරන් ඒවගෙන් මන්ත්‍රිලට වාහන ගන්න එහෙම එපා.