
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් ත්‍රිකුණාමලය මූතූර් සිත්තාර් පාලම අසල මහා පරිමාණ වැලි ඡාවාරමක් වටලා ටිපර් රථ 21ක්, බෝට්ටු 34ක් සමග සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගුවනින් ගොස් මෙැවනි ආකාරයේ වැටලීමක් සිදුකරනු ලැබුවේ ඉතාහාසයේ ප්‍රථම වතාවට බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර මහතා පැවසිය.
මෙහිදී ටිපර් රථ 21 ක්, ට්‍රක් රථ 08ක්, ට්‍රැක්ටර් 13ක්, බෝට්ටු 34ක්, යතුරුපැදි 37ක් ජංගම දුරකතන 21 ක් ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හෙංචයියන්ගේ වැලි ජාවාරම්... මේවා බොරු සෝබන..
මේවා බොරු සෝබන.. නාට්‍ය විතරයි.
මේ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් මේ තරම් මහන්සියක් ගන්න ඕනෙ නෑනේ... මහ උදවිය පැත්තට යද්දි පොඩි එවුන් කෙලින් යයියෑ...
අද බොහෝ දෙනා වැලි ගොඩ දැමීම කරන්නේ තම ජීවිකාව ලෙසයි. මෙය නීතිවිරෝධි නම් මෙවැනි අය අත්අඩංගුවට ගත්තාට කමක් නැහැ. නමුත්, ඉන්පසුව කළ යුත්තේ ඒ අයට ඔවුන්ගේ ජීවිකාව සඳහා වෙන රැකියාවක් සොයාදීමයි.
වැලි තොටුපළවල් අයිතිකාරයෝ ටිපර් අරන්, බෝට්ටු තියන්, මන්දිර හදන් හිටියට වතුරේ ගිලෙන මිනිස්සුන්ට එදා වේල කන්න නැහැ.. අනෙක් පැත්තෙන් වැලි කාලක් ගන්න මාසෙ පඩිය ඕනේ... ගෙයක්, දොරක් හදන මනුස්සයෙකුට ජාවාරමට තිත තැබිය යුතුමයි. නමුත් පහුගිය කාලෙත් ඔය වැඩේ කළා හරි ගියේ නැහැ.
ජාතික ධනය කනවා බොරු සෝබන වලට...
හැමදාම අහු වෙන්නේ පහළම මට්ටමේ හොරා විතරයි. මෙහෙමත් නාඩගම්... මේවාගෙන් වෙන්නේ විරෝදාර රණවිරුවන් හෑල්ලුවට ලක් වෙන එකයි...