
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නවගත්තේගම කිලෝ ලක්ෂ තුනකට අධික වට්ටක්කා තොග අලෙවි කර ගැනිමට නොහැකිව නිවෙස් වල කුණු වි විනාශ වි යන බව ගොවින් පවසයි .
මෙවර පෙබරවාරි මාසයේ නවගත්තේගම , ඉගිනිමිටිය , කොන්කඩවල ඇතුළු ගම්මාන රැසක වගා කලවට්ටක්කා අස්වැන්න මෙසේ අලෙවි කර ගැනිමට ගැනුම්කරුවන් නොමැති කමින් විනාශ වි යන බව ගොවින් චෝදනා කරති.
මෙවර මෙම ප්‍රදේශ වල අක්කර 1000 කට ආසන්න බිම් ප්‍රමාණයක ගොවින් 600 ක් වට්ටක්කා වගා කර තිබේ .
මේ පිළිබඳව කළ විමසිමේදි පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා මෙසේ පවසන්නට විය .
“මේ වෙද්දි අපි කෘෂිකර්ම අමාත්‍යංශය සමග සාකච්ජා කර තිබේනවා අදා වට්ටක්කා තොග ඇතුළු සියලු දේ අලේවි කරගන්න විසදුම් සොයා ගන්න යැයි ඔහු පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd