
(නිමන්ති රණසිංහ)
අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළදුන් තම ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන වෙළඳුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දුරකථන අංක 0112236919 ට වහාම දැනුම් දෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
සංචාරක සීමා පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් නියෝජනය කරමින් ජංගම වෙළඳුන් 8895 දෙනකු ලියාපදිංචි කර අවශ්‍ය බලපත්‍ර නිකුත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජීවත්වන ජනතාව තමන්ගේ ප්‍රදේශයට ජංගම වෙළඳුන් නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන ජංගම වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුකූලව ක්‍රියාත්මක නොවන්නේ නම් වහාම එම අංකයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
ඒ ආකාරයෙන් ජනතාවගෙන් පැමිණි ලද හොත් නිකුත් කරන ලද බලපත්‍ර අහෝසි කර ඒවා වෙනත් වෙළඳුන් සඳහා ලබාදීමට ද කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)



2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරක්ෂිතව කෑම බීම නිවසට
පොඩි මල්ලි Sunday, 30 May 2021 11:06 PM
මේක වෙළෙන්දන් කරන මිනිස්සුන්ගෙන් නෙවෙයි හැදෙන්නේ බෝවෙන්නේ...අද සංචරණ සීමා දැම්මට අත්‍යවශ්‍ය සේවා නොවන පුද්ගලික අංශේ ගොඩක් කාර්යාල ඇරලා..මිනිස්සු AC ඇතුලේ හිර වෙලා වැඩ කරනවා...මෙයාලා ගොඩක් දෙනා අධික ලාභ ඉපයීමේ අරමුණෙන් කරන්නේ මේ වැඩේ... ලෙඩේ පැතිරෙන එක ගැන මේ කොම්පැණි වල ලොක්කො සැලකීමක් දක්වන්නේ නෑ...මීට වඩා නීති තද කළොත් නම් රෝගය පාලනය කරන්න පුළුවන් වෙයි...