
(නිමන්ති රණසිංහ)
සංචරණ සීමා පනවා තිබියදී අද දින විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ නගරයට අද උදෑසන 6.30 - 9.30 දක්වා වු කාලයේ සිට ඇතුළු වූ වාහන සම්බන්ධයෙන් සංගනනයක් කළ බවත්, මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය හා පෑලියගොඩ නගර ආශ‍්‍රිතව එම සංගනයනය සිදුකළ බවත් ඔහු සඳහන් කරයි.
ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් සඳහා ආයතන ප‍්‍රධානීන් විසින් නිකුත් කර ඇති ලිපි කිසිදු විධිමත්භාවයක් නොමැති බවට එම සංගනනයේ දී අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
අදාළ ලිපිවල ඉලෙක්ට්‍රොනික පිටපත් හි ඡායාරූප 1000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා අද දිනයේ දී රාජකාරී කරන්නේ ද යන්න සොයාබැලීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංචරණ සීමා ක්‍රමවේදය කිසිදා සාර්ථක වන්නේ නැත. මිනිසුන් මහපාරේ වෙනදා මෙන්.... මේක විහිළුවක්... රටම ඇරදමා මැරෙන්න ඕනෑ ඔවුන්ට මැරෙන්න ඉඩ දෙන්න...
සංචරණ සීමා අවශ්‍ය රජයේ මාස්පඩි ලබන්නන්ට. අනෙක් ජනතාව ජීවන අරගලයේ... මෙම සංචරණ සීමා වහා ඉවත්කළ යුතුයි..
හැම පොලිස් මුරපොළකම ටාටා බස්එකක් නවත්තලා තියලා සංචාරක සීමා උල්ලංඝනය කරන අය ඒකට නංවන්න ඕනෑ. ඒ අය ආපු වාහන පාර දෙපැත්තේ පවත්වලා තියන්න ඕනෑ.. අනෙක් අයට බලාගන්න. බස්රථයේ සිටින අයට ඇන්ටිජන් ටෙස්ට් එක කරලා ප.ව. 5ට ගෙදර හෝ රෝහලට යවන්න ඕනෑ. එහෙම නැතුව හුරතල් කරකර ඉඳලා හරියන්නේ නෑ...
සංචරණ සීමා - කැතයි ලැජ්ජයි... හොදේ
මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. රට වහන්න කියපු අය හොයලා බැලුවද එක පවුලට දවසකට යන වියදම ගැන? කිසි දෙයක් නැහැ.