(නිමන්ති රණසිංහ සහ යොහාන් භාසුර)
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය.
නිරෝධායන පනත උල්ලංඝණය කළ බව සදහන් කරමින් කොටුව පොලිසිය, මෙම සැකකරුවන් දෙදෙනා සමග තවත් සැකකරුවන් 12 දෙනකු ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණූ අතර එම සැකකරුවන් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (31* දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඊයේ (30* රාතී‍්‍රයේදී පොලිස් ඇප මත මුදා හළ බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම සැකකරුවන් ඊය් (31* අධිකරණයට හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන්දින සාදයක් සදහා මෙම සැකකරු සහ සැකකාරිය ඇතුලූ සැකකරුවන් පිරිස ඊයේ (30* සහභාගී වී සිටි අතර, ඔවුන් නිරෝධායන නිති මෙන්ම සංචරණ සීමා ද, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 264 වගන්තියට ද උල්ලංඝණය කරමින් එම උපන්දින උත්සවය සමරමින් සිටි බව ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තිබ්බට මොලේ අඩුයි කියලා තේරෙන්වා නේද
ඔලුව තිබුනට මොලේ නැ.
සමාජ වගකීම් මොනවදවත් නොදත් තොත්ත බබ්බු.... නොදකින් මෙහෙමත් අය...
මේ අයව ගස් බැඳලා ගහන්න ඕනෑ...
සාමාන්‍ය කෙනෙක්නම් දෙනනම නිරෝධායනයට දානව
එතකොට කුරුණෑගල නගරාධිපති .
මොන ජීවිතද මේ...?
සමහරු හිතන් ඉන්නේ දන්න කියන අයගෙන් කොරෝනා හැදෙන්නේ නෑ කියලා අනෙකා මේ අය අය නිරෝධායනට යොමු නොකරන්නේ ඇයි? පොලීසිය ඉල්ලීමක්වත් කරලා නෑ පී.සී.ආර්. එකක් කරලා වාර්තා කරන්න කියලා..