
දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට කුසට ආහාරක් ඉල්ලා ගැනීමට කිසිවකුත් නැත.
පොලිසිය මෙන්ම ඇතැම් පිරිස් පිසූ ආහාර ලබා දීමට කටයුතු කළත් තවත් පිරිසකට එසේ ලැබෙන්නේ නැත.
කෑමට යමක් ඉල්ලා ගැනීමට නොමැති වීම හේතුවෙන් යාචකයන් පිරිසක් එක්ව තම කුසගිනි නිවා ගැනීම සදහා කොලබ කොටුව ගාබෝස් විදියේ ආහාරයක් පිළියෙල කරන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙෙ
(ඡායාරුපය ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් අත, පය ඇති මිනිස්සු යාචකයන් වුණේ ඇයි? බෙරිහන් දෙන දේශපාලකයින් පිළිතුරු දිය යුතුය.
උදේ හිටන් රෑ වෙනකම් මනුසත්කම ගැන කියවෙන ටෙලිනාලිකාවන් මේ මනුස්සයින්ව දැක්කේ නැද්ද?
මේක තමයි හොඳම වෙලාව... ඇත්ත යාචකයින් සොයාගන්න. ට්‍රැෆික් ලයිට් ගාව ඉන්නේ ගොඩක් හොර කට්ටිය....
අපේ රටේ පාලකයෝ නෙවෙයි වැරදි අපේම රටේ ජනතාවයි, ඒකට හේතුව රටේ මොනවා සිදු වුනත් අපේ ජනතාව මැතිවරණ දවස් වලට පාලකයෝ වෙනුවෙන් හොඳට කඩේ යනවා ඒක ඔබත් මමත් දන්නා කරුණකි. එසේ ජනතාව දේශපාලනය වෙනුවෙන් කඩේ නොයන දවසක තමයි අපේ රටේ ජනතාව පොහොසත් වෙන්නේ තවද දේශපාලඥයින් හොඳට දන්නවා රටේ ජනතාව මැතිවරණ දවස් වලට හොඳට ගොනාට අන්දවගෙන වැඩේ කර ගන්න
ආණ්ඩු පෙරලන ක්‍රමේ තමයි... මුලින්ම පොදුවේ දේශපාලකයන්ට බනිනව, ඊට පස්සේ හෙමීට ඒක හරවනව ආණ්ඩුව පැත්තට. ඊට පස්සෙ අලුත් ආණ්ඩුවක් කියල මොකක් හරි අමුතු නමක් තියෙන ආණ්ඩුවක් ගෙන්න ගන්නව..
පෙනෙන වීදියට යාචකයින් නෙවේ නාට්ටාමිලා වගේ...
අඩුම ගණනේ දැන්වත් තමන්ගේ මහන්සියෙන් උයා පිහාගෙන කන එකත් ලොකු දෙයක්.. හැමදාම අනුන්ට අතපාන්නේ නැතිව..