
(ළහිරු හර්ෂණ)
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පොහෝ දිනයේදී නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන ලෙස රජය ජනතාවට දැනුම් දී ඇත.
එබැවින් තම නිවෙස් හා ආයතන පරිශ්‍ර වෙසක් සිරියෙන් අලංකාරවත් කරන්නට බොහෝ දෙනා කටයුතු කරමින් සිටිනු මේ දිනවල දක්නට ලැබෙන අතර කොරෝනා වසංගත අවදානම හමුවේ විසල් මෙහෙවරක් ඉටුකරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල තමන් ලද විවේකයකදී එම රෝහල් පරිශ්‍රය සැරසීම සඳහා වෙසක් කූඩු නිර්මාණය කරමින් සිටි අයුරු ලංකාදීප කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාට්ටුවලට ගිහින් ළමයින්ට උදව් කරන්න.
කොරෝනා එක්ක හෙම්බත් වෙලා ඉන්න අපේ සුව විරුවන්ට හිත සැනසෙන කටයුත්තක් ලැබිලා. මෙය සංවිධානය කල අයටත්, පුවත දැන්වූ ලංකාදීපයටත් පින්.
සැරසිළි කරද්දි වුණත් එක පොදියට මෙහෙම ඉන්නේ නැතිව හිටියා නම් වඩා හොඳයි .. මේ වගේ එක ලඟ ඉඳගෙන එක බත් එකෙන් කෑමකාලා, මාළු පිණි හුවමාරු කරගෙන එහෙම කන්න ගියාම .. අහම්බෙන් හරි කොවිඩ් 19 පොසිටිව් කෙනෙක් හිටියොත් ඒක කණ්ඩායමටම බෝ වෙන්න පුළුවන්.... මීටර් එක හමාරේ දුරස්ථභාවය හැම වෙලේම පවත්වා ගන්නයි බලන්න ඕනේ...
ඔය මොන මගුලකට ලැහැස්ති වුණත්, තවත් කොරෝනාව පතුරනවා හැරෙන්න වෙන සිද්ද වෙන දෙයක් නැහැ..