(යොහාන් භාසුර)
ගිනි ගැනීමකට ලක්ව කොළඹ වරාය ආසන්නයේ නවතා තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද (25) පෙරවරුවේ ඇති වූ පිපිරීමකින් එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තුවාල ලබා ඇති බව නාවික හමුදාව පවසයි.
පිපිරීමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයන් වන එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කර තිබේ. නෞකාවේ බහලුම්වලින් කීපයක් ද මුහුදට වැවී ඇති බවත් පිපිරීමෙන් ඇතිවූ ගින්න පාලනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් රසායනික පවුඩර් වර්ගයක් නෞකාවට හෙළීය.
මෙම නැව සම්බන්ධයෙන් නෙදර්ලන්ත විශේෂඥා කණ්ඩායමක් පරීක්‍ෂණ කරමින් සිටි අතර ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද මෙම නැවෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව කටයුතු කරමින් සිටියේය. ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනි ගැනීමකට ලක් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වරාය අධිකාරිය එක්ව එම ගිනි ගැනීම පාලනය කිරීමට කටයුතු කරමින් සිටියි.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පුපුරන්නේ සල්ලි මලු නේද.? දෙයියෝ අපිට සල්ලි පුරවපු නැවක් එවලා වගේ...
ඕනෑම කුණු ගොඩක් පාත්වෙන්නේත් මේ රටටම තමයි. ඒ වගේ තමයි මේ මඟුල ගිණිගන්නත් ආවේ මේ රටටමයි. අලි මදිවට හරක් කිව්වාලු... වැඩ මදි හින්දා තවත් අනවශ්‍ය වැඩ....
ඇයි උෂ්ණත්වය 85%ක් කිව්වේ? මම හිතුවා නිවලත් ඇති කියලා...
අලි මදිවට කොටි කිව්වලු..