
(සිතුම් චතුරංග)
වවුනියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වවුනියාව මන්නකුලම් රක්ෂිතයට ආසන්නයෙන් අනුරාධපුර යුගයට අයත් ඉපැරණි ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් සොයාගත් බව වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි.
කනගරායන්කුලම නගරයේ සිට කිලෝමිටර හතක් දුරින් කරප්පුකට්ටි , මන්නකුලම් පිහිටා ඇති අතර මන්නකුලම් රක්ෂිත මධ්‍යයේ මෙම පුරාවිද්‍යා ස්ථානය සොයාගත් බව එම කාර්යාලය කියයි.
වවුනියාව ,කරප්පුකට්ටි යුද හමුදා 16වන සිංහ රෙජිමේන්තුව ලබාදුන් තොරතුරු අනුව පසුගිය 13 වැනිදා සිදුකළ සොයාබැලීමකදී මෙම පුරාවිද්‍යා ස්ථානය සොයා ගෙන ඇත.
පුරාවිද්‍යා ස්මාරක පිහිටා තිබූ ස්ථානයේ ශිලා කුලණක ක්‍රිස්තු වර්ෂ අට හා නවය කාලයට අයත් මධ්‍යකාලීන සිංහල අක්ෂර වලින් ලියන ලද ඉපැරණි ශිලා ලේඛණය හමුව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර උත්තරේ බොරුවට කහින, අන්තවාදී, දෙමළ ඩයස්පෝරාවට උඩගෙඩි දෙන, උතුරු දකුණු මිනිස්සු කොටවන, අසවල් පුද්ගලයාව ගෙනැල්ලා නටබුන් ගාව බහිරව පූජාවක් කරන්න.
ගොඩක්ම ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වැදගත්කමක් තියෙන ස්ථාන සංරක්ෂණය කළ යුතුයි... මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් LTTE එක විනාශ කළා. මටත් මතක විදිහට අපේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළා. නැවත ඒවා පිහිටුවිය යුතුයි.
ශිලා ලේඛනය මොකද කියන්නේ? ඕක කියවන්න දන්න කෙනෙක් නැද්ද?