
(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර වෙසක් සැමරුමට ද සීමා පැනවී ඇත.
සම්බුදු තෙමගුල සිහිකරමින් සිදුකරනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් නිවෙස්වල සිටම සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ද ජනතාවට දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් වෙනදා මෙන් නගරයක් නගරයක් පාසා දක්නට ලැබෙන වෙසක් සැරසිලි වෙසක් කලාප, තොරණ මෙවර දක්නට නොලැබෙන අතර දන්සැල් ආදිය මෙවරත් වෙසක් දිනය වෙනුවෙන් සංවිධානය නොවේ.
වෙසක් කූඩුවක් අලෙවි කර බඩවියත සොයාගැනීමට උත්සාහ ගන්නා පිරිස් පමණක් මාවත්වල, නගරවල දක්නට ලැබේ.
ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන පිරිස්වල ද මෙවර අඩුවක් දක්නට ලැබෙන බව ඔවුහු පවසති. කොළඹ නගරයේ තැනින් තැන වෙසක් කූඩු අලෙවියට තබාගෙන සිටින්නන් අප කැමරාවේ සටහන්වූයේ මේ අයුරිනි.
(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් වෙසක් එකට තොරන් බලන්නේ නැතිව දන්සැල් කන්නේ නැතිව කොහොමද? ඔන්න ඔහේ කොරෝනා පැත්තකට දාලා දන්සැල් රවුමක් යමු... කොරෝනා වැඩිවුණාම ආණ්ඩුවට බැණ බැණ ඉන්න බැරිය..