IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොරෝනා වයිරසයෙන් වෙසක් උණුසුම මැකෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර වෙසක් සැමරුමට ද සීමා පැනවී ඇත.

සම්බුදු තෙමගුල සිහිකරමින් සිදුකරනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් නිවෙස්වල සිටම සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ද ‍ජනතාවට දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් වෙනදා මෙන් නගරයක් නගරයක් පාසා දක්නට ලැබෙන වෙසක් සැරසිලි වෙසක් කලාප, තොරණ මෙවර දක්නට නොලැබෙන අතර දන්සැල් ආදිය මෙවරත් වෙසක් දිනය වෙනුවෙන් සංවිධානය නොවේ.

වෙසක් කූඩුවක් අලෙවි කර බඩවියත සොයාගැනීමට උත්සාහ ගන්නා පිරිස් පමණක් මාවත්වල, නගරවල දක්නට ලැබේ.

ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන පිරිස්වල ද මෙවර අඩුවක් දක්නට ලැබෙන බව ඔවුහු පවසති. කොළඹ නගරයේ තැනින් තැන වෙසක් කූඩු අලෙවියට තබාගෙන සිටින්නන් අප කැමරාවේ සටහන්වූයේ මේ අයුරිනි.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (1)

කොරෝනා වයිරසයෙන් වෙසක් උණුසුම මැකෙයි

chandima Friday, 21 May 2021 04:50 PM

අනේ ඉතින් වෙසක් එකට තොරන් බලන්නේ නැතිව දන්සැල් කන්නේ නැතිව කොහොමද? ඔන්න ඔහේ කොරෝනා පැත්තකට දාලා දන්සැල් රවුමක් යමු... කොරෝනා වැඩිවුණාම ආණ්ඩුවට බැණ බැණ ඉන්න බැරිය..

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site