පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරති පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් ගතවෙන අද දින කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වුන විශේෂ දේව මෙහෙය සඳහා විශාල ජනතාවක් එක් රැස්වුහ. 21 April 2021
බත්තරමුල්ලට සඳුන් උයනක් සඳුන් ගස් දහසකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු ’සඳුන් උයන’ බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය. 20 April 2021
අලුත් අවුරුද්දෙන් පසු ජනපති වැඩ අරඹයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ජනාධිපති කාර්යාලයේ දී අද (19) ආරම්භ කළේය. 19 April 2021
වරාය නගර කොමිෂන් පනතට එරෙහිව උද්ඝෝෂණයක් ගෝලීය ප්රාග්ධනයට අධිරාජ්‍යවාදී බල පොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 19 කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වේ. 19 April 2021
‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘ පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ආගමික අන්තවාදය විසින් සිදුකළ එකක් නොව ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක් විසින් කළ එකක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 18 April 2021
සුබ නැකතින් හිස තෙල් ගල්වති සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය ජනාධිපති හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි. 17 April 2021
බෝපිටිය සාන්ත නිකුලා දෙව් මැදුරේ අලුත් අවුරුදට කිරි ඉතිරේ පමුණුගම බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයේදී කිතුනු දහම් පාසල් සිසු දරු දැරියන් හා ගුරු දෙගුරුන්ගේ සහභාගිත්වයෙන් , සිංහල අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි . 15 April 2021
දක්ෂිණ අධිවේගයේ අනතුරු තුනක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11ක් ඇතුළ තුළ අද (14) දවසේ ස්ථාන තුනක සිදු වූ අනතුරු තුනකින් වාහන 12කට හානි සිදුවී එක් අයකු තුවාල ලබා ඇතැයි පොසිය කියයි. 14 April 2021
සතුටින් සපිරි නව වසරක් වේවා ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුවදායි අවුරද්දක් වේවායි ලංකාදීප පාඨක ඔබ සැමට සුබ පතන්නෙමු. සිතුම් පැතුම් ඉටු වේවා. 14 April 2021
විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි ’ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය. 12 April 2021
මුදලට රෙදි නොමිලේ කොරෝනා සිංහල අලුත් අවුරද්ද වෙනුවෙන් නොයෙක් දෑ මිලදි ගැනීමට විශාල පිරිසක් කොළඹ ඇතුළු අවට නගරවල පොදිකමින් සිටින බව අප වාර්තා කරුවෝ පවසති. 11 April 2021
අධිවේගී මාර්ගයේ දී ඉන්ධන බවුසරයක් ගිනි ගනී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 66 දශම 9 කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි 10 April 2021
ගංගාරාම සති පිරිත නිමාවට පත් වී සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් 1935 වසරේදී ආරම්භ කළ සති පිරිත් දේශනය මෙවර අඛණ්ඩව 89 වැනි වරට එම විහාරස්ථානයේදී ඉකුත් 1 වැනිදා ආරම්භ වූ අතර අද (8) දින එය අවසන් විය. 09 April 2021
රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජමුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. 08 April 2021
ගුවන් විරුවන් හදපු ගම ජනපති විවෘත කරයි ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා විවෘත කෙරිණි. 07 April 2021
ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා පහත වැටෙමින් තිබේ. 06 April 2021
දිඹුලාගල වැව් රක්ෂිතයක් වනසලා මහා පරිමාණ ව්‍යාපාරිකයන් බව කියන පිරිසක් දිඹුලාගල ඇල්ලේවැව රක්ෂිතයේ ඇති කුඹුක්ගස් වනසා එහි වී වගා කිරීම නිසා තම කුඹුරුවලට ජලය රඳවා ගැනීමේ අපහසුවක් ඇතැයි එම ප්‍රදේශවල පාරම්පරික ගොවීහු පවසති. 06 April 2021
අලි කෙල්ල බෙදාගන්න අලි සටනක් ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති. 05 April 2021
අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදි අද පැවැත්විණි. 04 April 2021
පාස්කු ඉරුදින දේව මෙහෙය පාස්කු ඉරුදින අලුයම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සහයක රදගුරුතුමන්ලා ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි. 04 April 2021
තොඩුවාව ධීවරයෝ දුක කියති හලාවත උතුරු තොඩුවාව ධීවර ගම්මානයේ වෙරළ තීරය උග්‍ර ලෙසින් මුහුදු කෑමට ලක්ව ඇතත් මේ දක්වා ඊට වගකිව යුතු ආයතනවල අවධානය යොමුව නැතැයි කියමින් ධීවරයෝ අද උද්ඝෝෂණයක නිරත වෙති. 03 April 2021
ආරක්ෂාවට මුල්තැන පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත. 02 April 2021
කාලයේ තාලයට හැඩ වෙන ගම්පහ මල්වත්ත ගම්පහ උද්භිද උද්‍යානය,පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත. 02 April 2021
ත්‍රිකුණාමල-මහනුවර මාර්ග වසා උද්ඝෝෂණයක් ත්‍රීකුණාමලය සර්ධාපුර දී මෝටර් රථයට ගැටී මියගිය තිදරු පියාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ ඥාතීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් ත්‍රීකුණාමලය - මහනුවර ප්‍රධාන මාර්ගය සර්ධාපුර ප්‍රදේශයෙන් මාර්ගය මැද මළ සිරුර තබා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති. 01 April 2021
‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි කෘෂි, වාරි හා ධීවර ක්ෂේත්රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් දියත් කරන ‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (31) සිදුකෙරිණි. 31 March 2021
සිනෝෆාම් එන්නත් බාර ගන්න ජනපති කටුනායකට චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනොෆාම් එන්නත් තොගය බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අද (31) කටුනායකට ගියේය. 31 March 2021
දංකොටුවේ තෙල් බවුසර් දෙක රේගුවට රැගෙන යයි දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විදේශ රටකින් ආනයනය කරන ලද පොල්තෙල් බවුසර් දෙක අද (31) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි පොලිස් රැකවල් මැද ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව දංකොටුව පොලීසිය පවසයි. 31 March 2021
වැස්ස නැතිව දැදුරුඔය ලෙල්ලටම සිදෙයි වයඹ පළාතට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් දැදුරුඔය සම්පූර්ණයෙන්ම සිදීගොස් ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි 30 March 2021
ධීවර බෝට්ටුවක පිපිරිමකින් හතක් රෝහලට දික්ඕවිට ධීවර වරායේ නවතා තිබූ ටොලර් යාත්‍රාවක සිට කෑම පිළියෙළ කරද්දී ගෑස් ටැංකිය පිපිරි ධීවරයන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 29 March 2021
සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ. 29 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026