IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ආගමික අන්තවාදය විසින් සිදුකළ එකක් නොව ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක් විසින් කළ එකක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

තමා එම සිදුවීම තුළ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොදකින බවත්, තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා යම් යම් කණ්ඩායම් දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එය දකින බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් බොරැල්ල කනත්තේ ඉදි කළ ස්මාරකය විවෘත කිරීමට අද (18) පස්වරුවේ එක්වෙමිනි.

මීට අමතරව මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකෙරුණු ස්මාරකයක් ද කාදිනල්තුමෝ විවෘත කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමෝ මෙසේ ද පැවසූහ. “මේ ස්මාරකය ඉදිකළේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් මෙම සුසාන භූමියේ මිහිදන් කර සිටින නව දෙනෙකු සිහි කරන්නයි. මේ සිහිවටනයේ ඒ අයගේ නම් සඳහන් වෙනවා. මමත් මේ භූමදානයන්ට සහභාගී වුණා. එකම පවුලේ සැමියා, බිරිඳ, දියණියක් මෙහි භූමදානය කර සිටිනවා.

ක්‍රිස්තු ධර්මය අනුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවා ඇත්තේ මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම අවබෝධ කරගන්නයි. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කිසිම දෙයකට බාල්දු කරන්න බැහැ. මේ ආත්මාර්ථකාමී ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ගැන ඉතා අඩු තක්සේරුවකින් සළකන්න යොමු වී තිබෙනවා. එදා අපේ සොහොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දැරූ පිරිසක් විසිනුයි. මේ සිදුවීම තුළ අපි දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවේ. තමන්ගේ බලය තහවුරු කරගන්න යම් යම් කණ්ඩායම් දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අප මෙය දකිනවා.

අපි ශ්‍රී ලාංකිකයන් ලෙස මේ ගැන ලැජ්ජා විය යුතුයි. කුමන ආගමක් ඇදහූවත්, කුමන ජාතියකට අයිති වුවත්, කුමන භාෂාවක් කතා කළත් තව කෙනෙකුට විරුද්ධව අත උස්සා හිරිහැර කරන්න යොමුවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මා රටේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ තව කෙනෙකුට හිරිහැර කිරීමට ආගම, භාෂාව, ජාතිය භාවිතා කරන්න එපා කියලයි. තමන්ගේ බලය, ශක්තිය පෙන්වන්න සිදුකරන මරණ නිසා අපේ රට ලෝකය ඉදිරියේ අපිරිසිඳු අවාසනාවන්ත තැනක් බවට පත්වෙනවා.

ක්‍රිස්තුස් වහන්සේ අපට කියන්නේ මනුෂ්‍ය ජීවිතයට ආදරය කරන්න, ගරු කරන්න, තමන්ගේ අනන්‍යතාවය තුළ හැම කෙනෙකුටම වර්ධනය වෙන්න ඉඩදෙන්න කියලයි. මා මේ ප්‍රහාරවලින් මියගිය සියලු දෙනාටම යුක්තිය ඉටුවීම ප්‍රාර්ථනා කරනවා.”

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (2)

‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘

Pradeep Monday, 19 April 2021 03:09 AM

අගරදගුරු තුමනි, එදා සිට අද දක්වාම මෙරට ජාතිවාදී ගැටුම් වලට මූල්‍ය මේ දේශපාලනය තමයි. දේශපාලකයින්ට තමයි උවමනා වෙලා තියෙන්නේ ජාතීන් එකිනෙකා අතර ගැටුම් ඇති කරවන්න. ජාතිවාදය සහ දිළිදු කම තියනාතුරා ඔවුන් දන්නවා ඔවුන්ගේ පැවැත්ම ස්ථිරයි කියා. පෞද්ගලිකව මම සෑම ජාතිකයකුම සෑම ආගමිකුම ඇසුරු කරනවා. ඒ කිසිවෙකුටත් ජාතිවාදයක් අවශ්‍ය නෑ. ඔවුන්ට ඕන සැවොමත් සමඟ සාමයෙන් සතුටින් ජීවත් වීමයි. කුමන ජාතියකට අයත් වුවත් කුමන ආගමක් ඇදහුවත් අප සැම මනුෂ්‍ය ජාතියට අයත් බව නොවැටහෙන්නේ බලලෝභී දේශපාලකයින්ට සහ ඔවුන්ගේ බත් බැලයන්ට පමණයි.

:       1       8

fairoos Monday, 19 April 2021 07:30 AM

මේක දැන්වත් ඔබතුමාට තේරුණ එක හොදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site