IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෝපිටිය සාන්ත නිකුලා දෙව් මැදුරේ අලුත් අවුරුදට කිරි ඉතිරේ

(අර්නස්ට් ජයතිලක සහ ඇන්ටන් ජයසූරිය )

පමුණුගම බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයේදී  කිතුනු දහම් පාසල් සිසු දරු දැරියන් හා ගුරු දෙගුරුන්ගේ සහභාගිත්වයෙන් , සිංහල අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි .

ජාතික සමගිය හා හෙල සංස්කෘතිය පිළිබඳව කිතුනු පාසල් සිසු දරු දැරියන්ට අවබෝධයක් ලබාදිමේ අරමුණින්  සාන්ත නිකුලා දහම් පාසල  දේවස්ථාන මිසම්‍ කමිටුව සමග ඵක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි .

 ලිප ගිනි මෙලවිම, කිරි ඉතිරවීම , වැඩ ඇල්ලිම , ආහාර අනුභවය , හා හිස තෙල් ගැම, ආදි චාරිත්‍ර අතරට රබන් වැයිම ඇතුළු සංස්කෘතික අංගයන් රැසක් ද, එහිදී පැවැත්විණි .

(මහජන සෞඛ්‍ය ආරක්ෂිත නිතිරිති වලට යටත්ව  සිමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති , මෙම අවුරුදු උත්සවයට විශේෂ දේව මෙහෙයකින් පසුව  සාන්ත නිකුලා දේවස්ථානයේ මිසම් සේවක නිමල් ජයන්ත විදානආරච්චි පියතුමෝ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූහ.

 



අදහස් (3)

බෝපිටිය සාන්ත නිකුලා දෙව් මැදුරේ අලුත් අවුරුදට කිරි ඉතිරේ

බද්රානි Friday, 16 April 2021 08:04 AM

ඇත්තටම කතෝලික පල්ලියට මොනවද මේ වෙලා තියෙන්නේ? පල්ලියේ පත්තු කරන්න ඉටි පන්දම් තියෙද්දී පොල් තෙල් පහන් පත්තු කරනවා? ඒ මදිවට, රබන් ගහන්නත් අරගෙන පල්ලිය වත්තේ? නැකතට කරන චාරිත්‍ර කතෝලිකයන්ට තබා බෞද්ධයින්ටවත් ගැලපෙන්නේ නැහැ. ඕවා හින්දු චාරිත්‍ර. පහුගිය දිනෙක ගණන්කාර හාමුදුරු නමක් හොඳට දොස් කිව්වා කතෝලික පල්ලියට බෞද්ධ සංස්කෘතිය කතෝලික පල්ලියට ආදේශ කර ගැනීම පිළිබඳව. විවිධ ආගම්වලට ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙනවා. එහෙම තියෙද්දී, මොනවද මේ කරන විකාර වැඩ? ධර්ම කාරණා පසෙකලා සංස්කෘතිය වැනි සමාජ කාරණා ඉස්මතු කිරීමෙන් ධර්මය යටපත් වෙන බව මොවුන්ට අවබෝධ නොවන්නේ ඇයි? හැම මනුස්සයෙකුටම, හැම ආගමකටම, හැම සංස්කෘතියකටම ගරු කරන මානවයිනුයි මේ ආගමික ආයතන නිර්මාණය කළ යුත්තේ...

:       10       31

mdFriday, 16 April 2021 09:07 AM

ඇත්ත....

:       5       11

ravinaath Friday, 16 April 2021 09:22 AM

දෙවිවරුන්, මනුස්සයින් විසින් හොඳින් ජීවත්වීම සඳහා සොයාගත්ත දේවල්. ඒ කිසිම තැනක වෛරය, ක්‍රෝධය, හිංසාව ගැන ලියවිලා නැහැ.

:       12       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site