ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරේ ඡාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සමගි වනිතා බලවේගය සංවිධානය කළ කාන්තා දින වැඩසටහන තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් උත්සව ශාලාවේ දී විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැත්විණි. 08 March 2021
කළු ඉරිදා දේව මෙහෙයෙන් පසු යුක්තිය ඉල්ලා විරෝධතාවක පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමතුන් හට සාධාරණයක් ඉටුවීමට විරෝධය පාමින් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට අද (7) නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ. 07 March 2021
කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ. 07 March 2021
රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න නිවාදමයි අක්කර 500ක් පමණ දැවෙමින් දින 02ක් පුරා පැතිරී ගිය රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිතයේ ගින්න දැඩි මෙහෙයුමකින් අද (6) සවස සම්පූර්ණයෙන්ම නිවා දැමීය. 06 March 2021
රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 06 March 2021
ඇල්ල රොක් කන්දේ ගින්නක් බණ්ඩාරවෙල , ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල්ල රොක් කඳු මුදුනේ ඊයේ (5) රාත්‍රී ඇතිවූ ගින්නක් මේ වන විටත් පැතිරයමින් අක්කර 50 කට වැඩි සංවේදී පරසර පද්ධතියකට හානි සිදුකර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි . 06 March 2021
ගුවන් කරනම් උඩු ගුවනේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. 05 March 2021
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී යුදහමුදාපති හමුවෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිව්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, මාෂල් රාකේෂ් කුමාර් මහතා අකුරේගොඩ පිහිටි හමුදා මූලස්ථානයේදී අද (4) ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය. 04 March 2021
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (2) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ආචාර පෙළපාළියක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේදී පැවැත්විණි. 02 March 2021
කල්පිටියේ කඩොලාන කපා කලපුවට දමා තාප්පයක් හදලා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ කළපුව ආශ්‍රිතව කඩොලාන කපා කළපුවට දමා එක් රැයකින් තාප්පයක් ඉදිකර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති. 02 March 2021
දුම්රිය ප්‍රමාදය වළක්වන්න ද්විත්ව මාර්ග සංවර්ධනය කරයි දුම්රිය ප්‍රමාදය වැළැක්වීමේ අරමුණින් ද්විත්ව මාර්ග සංවර්ධනය කිරිම ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 02 March 2021
60ට වැඩි අයට කොරෝනා එන්නත ගම් මට්ටමින් කොරෝනා එන්නත ලබාදීමේදී ඉකුත් කාලයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් මගහැරීම සදහා ඡන්ද ලැයිස්තුවට අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එම එන්නත ලබාදීම කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (01) සිදුකෙරිණ. 01 March 2021
ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට ගාලු මුවදොර පිටියේ ගුවන් සංදර්ශනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියානු ගුවන් හමුදා ගුවන් යානා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා එක්ව මාර්තු තුන්වන දින සිට පස් වන දින දක්වා ගාලු මුවදොර පිටියේදී විශේෂ ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙන බව ගුවන් හමුදාව සඳහන් කරයි. 28 February 2021
නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපති වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි. 28 February 2021
වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා නිරෝධායන උපදෙස් පිළිපදිමින් දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සංචාරක නිකේතන හිමියෝ පැවසූහ. 28 February 2021
මාවඩි පත්තිනි දේවාලයේ කිරි කළ පෙරහර හැටන් බණ්ඩාරනායකපුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කළ පෙරහර හැටන් හනුමන් දේවාලයෙන් ආරම්භ කෙරිණි. 28 February 2021
ලග්ගල හේන්වල කුරහන් බරු බැහැලා මාතලේ දිස්ත්‍රික් ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමඟ කුරක්කන් මිල කිලෝවක් රුපියල් 150 කින් පහළ වැටී ඇතැයි ගොවීහු කියති. 28 February 2021
භාවිතයෙන් ඉවත් කළ ධීවර යාත්‍රා - බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කරන ලද ධීවර යාත්‍රා සහ බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් අද (27 ) පෙරවරුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ධීවර වරායේදී සිදු කෙරිණ. 27 February 2021
ගංගාරාම පෙරහර වීදි සංචාරය කරයි කොලොම්පුරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත් අද (26) වීදි සංචාරය කෙරිණ. 26 February 2021
තැන ආර්ථිකය ගැන වුණත් කමකට නැති වැසිකිළි කැසිකිළි නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීමෙන් වගාකරුවන්, වෙළඳසැල් හිමියන් හා එළවළු මිලදී ගැනීමට පැමිණෙන පිරිස් දැඩි අසීරුතාවයට පත්වී තිබේ. 26 February 2021
සෞඛ්‍යාරක්ෂිතව කැලණි පුදබිම වැඳපුදා ගනිති ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) කැලණිය ඓතිහාසික රාජ මහා විහාරය ද බැතිමතුන්ගෙන් පිරී පැවතිණි. 26 February 2021
නවම් පෝ දා ශ්‍රී මහා බෝධිය බැතිමතුන්ගෙන් පිරී යයි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) අලුයම සිට අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමහා බෝධිය ඇතුලු අටමස්ථානය බැතිමතුන්ගෙන් පිරී පැවතිණි. 26 February 2021
ගංගාරාම විහාරස්ථානයේ මල් පෙරහර වීදි සංචාරය කරයි කොලොම්පුරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත් හෙට (26) වීදි සංචාරය කිරීමට නියමිතය. ඊට සමගාමීව පවත්වන මල් පෙරහර අද (25) පෙස්වරුවේ ගංගාරාම විහාරස්ථානය අවට වීදි සංචාරය කළේය. 25 February 2021
තවත් අඳුන් දිවියෙක් වාහනයකට බිලි මිය ගිය අඳුන් දිවියෙකුගේ සිරුරක් හැටන් කොටගල මේෆිල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ කොටසේ තිබි අද (24) දින හමු වූ බව දිඹුල පොලිසිය පවසයි. 24 February 2021
අගමැති මහින්ද පාකිස්තාන අගමැති ඇතුළු දූතපිරිස පිළිගනී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනූ ලැබීය. 23 February 2021
තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී හිසට එල්ලවු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලබා සිටි බටු කැස්බෑවකුට ප්‍රතිකාර කර නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවි නිලධාරීහු කියති. 23 February 2021
ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භූමිය ස්වාභාවික වනය විනාශ කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් අද(23) සොයාගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්විය. 23 February 2021
ඇකිරිය උඩඇළ විහාර මැදුර විනාශ මුඛයේ ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණීක වටිනාකමකින් යුත් ඇකිරිය උඩ ඇළ විහාර මන්දිරයේ ගොඩනැගිල්ල හා එහි ඇති ඉපැරණි බිතු සිතුවම් විනාශ වෙමින් පවතී. 22 February 2021
බලපත් නැති ලී මෝලක් කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2021
කැඩුණූ අමුණ ගොවියෝම හදති බිබිල කොටගම හාල්පානුවෙළ වෙල්යායට ජලය ගන්නා කැන්දෙන අමුණ කැඩී මාස කිහිපයක් ගත වෙද්දීත් එය රජයෙන් ප්‍රතිසංස්කරණය නොකළ නිසා ගොවින් එක්ව තාවකාලිකව ඉදිකිරිම් සිදු කර තිබේ. 22 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026